දැඩි පෑවිල්ලෙන් වැව් 250 ක් සම්පූරණයෙන්ම සිඳෙයි… 60,000 කට අධික පිරිසක් පීඩාවන්ට…

September 10, 2019 at 2:01 am | lanka C news
දැඩි පෑවිල්ලෙන් වැව් 250 ක් සම්පූරණයෙන්ම සිඳෙයි… 60,000 කට අධික පිරිසක් පීඩාවන්ට…

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් කුඩා වැව් 250 කට ආසන්න ප්‍රමාණයක් සම්පූරණයෙන්ම සිඳී ගොස් ඇති අතර සාමාන්‍ය වැසියන් පවුල් 18,000 කට අයත් පුද්ගලයින් 61,000 කට අධික පිරිසක් විපතට පත්ව ඇති බවට මුලතිව් දිස්ත්‍රීක් ආපදා කලමනාකරන කාර්යාලය පවසයි.

මුලතිව් පුදුකුඩිඉරිප්පු, මාන්තෙයිබටහිර, මැරටියන්පත්තු, තුනුක්කායි, ඔඩුඩුසුඩාන් සහ වැලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි කුඩා වැව් සියල්ලක්ම සම්පූරණයෙන්ම සිඳී ගොස් ඇති අතර එම ප්‍රමාණය 250කට ආසන්න බවට මුලතිව් ආපදාකලමනාකරන කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේ පිහිටි මධ්‍ය ප්‍රමාණයේ පිහිටි වැව්ද සම්පූරණයෙන්ම සිඳී යාමේ අවධානමක් පවතින අතර ඉදිරියේදී වර්ෂාව නොලැබුනහොත් විශාල පිරිසක් විපතට පත්වීමේ අවධානමකට පත්ව ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි වැසියන් 90% කට වැඩි පිරිසක්ම දෛනික ජීවනෝපාය සිදු කරගනු ලබනුවේ වැව් ජලයෙන් වන අතර කුඩා වැව් සියල්ලක්ම සිඳී යාම හේතුවෙන් එම වැසියන් දැඩි පීඩාවන්ට පත්ව සිටින අතරම දැඩි පානීය ගැටලුවකටද මුහුණ පා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,638 Viewers
Main News