දැඩි විදුලි අර්බුදයක්.. ඉල්ලුම 4.5GW තෙක් ඉහල නගී..

January 23, 2020 at 8:40 am | lanka C news
දැඩි විදුලි අර්බුදයක්.. ඉල්ලුම 4.5GW තෙක් ඉහල නගී..

ඉදිරියේ දී ඇති වනු ඇතැයි බලාපොරොත්තු වන විදුලි අර්බුදයට පිළියමක් ලෙස මෙගා වොට් 300 ක ධාරිතාවක් මිලදී ගැනීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මෙගාවොට් 200 ක් මිලදී ගැනීමට දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

ඉදිරි කාලයේ විදුලි කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබා දීම සඳහා මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

ඇතිවී තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් 4.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට ජල මට්ටම පහළ බැසීම නිසා ජල විදුලි නිෂ්පාදනය 25% ක් දක්වා අඩු වී ඇතැයි ද මෙම තත්ත්වය අප්‍රේල්-මැයි මාස දක්වා පැවතිය හොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහර වැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද ඔහු අනතුරු අගවයි.

මේ නිසා විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

18,384 Viewers

4 Comments to “දැඩි විදුලි අර්බුදයක්.. ඉල්ලුම 4.5GW තෙක් ඉහල නගී..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    balamuko sir ge norochchole wada karaida kiyala , dan ithin privet supplierslata mal 7y

    • කිරිමෙල් says:

      රට කාපු යමපාලකයන්ට කඩේ යන මීගවයො තවමත් මඩේම සිට තප්පුලනව.

  2. Wodka says:

    Aurudu 4,1/2 k thisse UNP anduwa hadapu balagara walata mokada une.

  3. විදුලිපාල says:

    පසුගිය වසර පහ තුල සිරිසේන/රනිල් යහපාලනය එක විදුලි බලාගාරයක් හැදුවෙ නැහැ. වදුලු ඉල්ලුම ඉහල යන බව දැන දැනම ඒ ගැන තැකීමක් කලේ නැහැ.

Main News