අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි..

May 10, 2021 at 10:00 am | lanka C news
අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි..

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීමටත්, හදිසි සැත්කම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක්  පැවසීය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් දැඩි සත්කාර එකක ඇඳන් හදිසි අවශ්‍යතාවකදී භාවිත කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔහු කීවේය.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒ්කක ඇඳන් මෙම දිනවල රට පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් හේතුවෙන් පිරී ඉතිරී යෑමේ අවදානමක් දැනට මතු වී ඇති අතර, පිට පළාත්වලින් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් නගරවල රෝහල්වලට ඇතුළත් කිරීමද මෙම තත්ත්වය මත සීමා කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය සැත්කම් කල් දැමීම හේතුවෙන් රෝහල්වල පොරොත්තු ලේඛන (වේටින් ලිස්ට්) තවත් මස ගණනකින් දීර්ඝ වනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

– divaina

40,258 views

8 Comments to “අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ තත්වය අපේ මෝඩ බයියොන්ට තේරෙන හැටි තමා උන් පිස්සුවෙන් වගේ තාප්ප හොය හොයා පාට කරල දැන් ඒ තාප්ප වල් වැදිල තියෙන්නෙ ආන් ඒ වගේ දැන් හැම බයියම ඇදන් හදනව අයි සී යූ වලට .උන්ගෙ හාම්පුත්තු ඇදන් ගේන්න ටෙන්ඩර් දාල ගතමන්ට් ගද්දි මුන් පිස්සො වගේ ඇදන් ගහන්නෙ අඩුම ගානෙ මේ ඇදකට ලෙඩෙක් දාන්න පුලුවන්ද එහෙම දාන ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න පුලුවන් දැනීමක් පලපුරුද්දක් තියෙන සුව සේවක ධාරිතාවක් තියේද මේ මුකුත් නොදැන .මේව කොම්බු චැනලෙ ඇන්දිලි තමා උන් තමා තාප්ප අරන් පැණි අරන් දැන් ඇදන් අරන් බයියන්ව පිස්සු වට්ටන්නෙ.හෙටානිද්දට චතුරය හදපු ඇදක් උඩට වෙලා පත්තර කියවයි.

    • Kasun says:

      ඕකෙත් හොදම ආතල් එක ඉස්පිරිතාලෙ අයි සී යූ ඇදක් ගන්න නැති නර්ස් නෝනල ඩොක්ටලට නිදා ගන්න තරම් විවේකයක් ගන්න බැරි ගානට ස්ටාෆ් හිග මේ වගේ කෙලවිච්චි කාලෙක අනාගත ජනපති බේබි කොම්බු චැනල් අයියට බිස්නස් හොයල දෙන්න රට වටේ ජිම් දාන්න යනව.රෝමය ගිනි ගද්දි නීරෝ වැයුවෙ වීණා ඒකට අපේ කට්ටිය.දොස්තරල කලබලයි පිස්සො පිස්සු කෙලිනව.

      • MAYAWA says:

        සෑම දෙයටම විරුද්ද වෙන ” මෙවන් අසිරිමත් ජාතිය ලොවෙත් උදාරයි “

  2. covid says:

    ICU adak keeyak wenawada?

  3. Ravana parapura says:

    කලු සුද්දන් හෙළ ඔසුවට තැන නොදීමේ විපාක දැන් විදපල්ලා.

  4. වෙල්ජෝන් says:

    රෙන්ධ බරවුනාට පස්සේ කක්කුස්සියේ රීගෙන ඉන්න අනිත් එකාව එලවලා මූව යවනවා වගේ දෙයක්. ජනතාවට නිසි රෝහල් පහසුකම් නෑ හැබැයි රජ්ජුරුවන්ට හැම පහසුකමක්ම තියනවා

  5. සනත් ඉතාලිය says:

    අන්තිමට කියන්න තියෙන්නෙ ආන්ඩුව මැච් එක වික්ක

  6. සමනා says:

    චීනයේ විපක්ෂයක් නැත. ජඩ මාධ්‍ය නැත. සියල්ල දත් ජනතාවක් ද නැත.

Main News