දැඩි සීමා පනවා රට වසා දැමිය යුතුයි.. සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්චා..- ජනපතිට දන්වයි..

October 28, 2020 at 10:40 am | lanka C news
දැඩි සීමා පනවා රට වසා දැමිය යුතුයි.. සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්චා..- ජනපතිට දන්වයි..

ඇතිව තිබෙන තත්ත්වය මත සංචරණ සීමා පනවා රට වසා දැමීමට උචිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡා වී ඇතැයි ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පෙරවරුවේ මේ බව සාකච්ඡා වී ඇතැයි එහි සදහන්ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද තීරණය කර ඇති බවද එහි තව දුරටත් දැක්වෙයි.

කෙසේ නමුත් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර ඇත්තේ රට වසා දැමීමට සූදානමක් නැති බවත් අවශ්‍ය පරිදි සංචරණ සීමා පැනවීම සිදු කරන බවත්ය.

118,601 views

14 Comments to “දැඩි සීමා පනවා රට වසා දැමිය යුතුයි.. සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්චා..- ජනපතිට දන්වයි..”

  1. The Boss says:

    ඉසාරහට රටට ඉතා සවුබාග්‍යමත් කලක් උදාවෙන්න යන්නේ. එතකන් තියන දෙයක් කාලා ගෙවල් ඇතුලට වෙලා ඉන්න.

  2. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    ගොමා සෙට් එක කියන එක අහලා නම් රට වහන්න එපා කීයටවත්. පලවෙනි රැල්ල ආපු වෙලාවේ රට වහල අපකීර්තියට පත් උනේ ඔබතුමා. ගොමාලා බලන්නේ කොරෝනා වැඩි උනොත් ඒ ගොල්ලන්ට තර්ජනයක් වෙයි කියල. එහෙනම් නම් ඉතින් වෛද්‍ය වෘතිය නැතුව වඩේ විකුනන්න තිබ්බා. මේ වෙලාවේ තත්වය හොඳයි. හමුදාපති ඇතුළු බුද්දි අංශ කිව්වොත් විතරක් සලකා බලන්න. ගොමා එකේ ඉන්න රාජිත ගේ සෙට් එක බලන්නේ ගේමක් ගහන්න.

  3. Vanguwe says:

    Rata vahena va hera vena vikalpayak netha.samanyen apita dennava thatve barepathalai kiyela.

  4. Luxman says:

    අලුත් විදියකට හිතන්න පටන් ගනිමු. සීතල ICU වෙනුවට උණුසුම් ICU නිර්මාණය කර රෝගියාට රෝගය සමඟ සටන් කිරීමට පහසු කරමු.

  5. Kalana says:

    මෙච්චර කල් ගියේ ඇයි ඕක කියන්න. පරක්කු වැඩියි. මුලදීම කළා නම් අද ගොඩක් බේරිලා.

    • පොට්ටුවේ පඩිතකා ලියමි says:

      එහෙම කරාම කොහොමද බන් අපි හවසට ගල් බාගයක් වත් අරන් යන්නේ. පළමු රැල්ල ආපු වෙලාවේ ගෙවල් වලට වෙලා පෙරන්න විදපු දුක අපිනේ දන්නේ. අපේ ලොකු ස අපි ගැන ඉස්සරට වඩා හිතනවා.

  6. hatarawaram says:

    Eka Deka Ahuwenakota Rata wahapu Eke Dan Buruthu Pintin Ahuwenakota Nokarana Eke Hetuwa Pahada Denna Pleeeeeeeez

  7. Saman says:

    ලංකාවේ දොස්තර ල හොදයි වඩේ විකුණන්න

  8. Dicky says:

    ඔතන ඉන්න වෘත්තිය සමිති දොස්තර ලා කියන දේවල් නම් අහන්න එපා. GOMA මුල සිටම කළේ පිස්සු.
    රට වහන එක තීරණය කරන්න සමිති කාරයන්ට බලයක් දෙන්නත් එපා.

  9. John the baptice says:

    පළමුවෙන් තැබෑරුම් වසා දමන්න.

  10. Aurora says:

    කොරොනා වලට ප්‍රතිකාර නැති GMOA එකේ බටහිර වෙද්දු තමුන්ගේ විද්‍යාව අනුව දන්න එකම එක එනම් රට වැහිල්ල යෝජනා කරනවා. මේ හරක් නොදන්නවා වුනාට දේශීය සහ ආයුර්වේදෙ වෛරස් රෝග වලට ප්‍රතිකාර තියනවා. GMOA හරකුන්ට උන්ගෙ කටවල් වහගෙන ඉන්නකියලා දේශීය වෙදකමට නීතිමය ආරක්ෂාව සහ බලය දුන්නොත් කොරොනා සූවකරන්න පුලුවන්.

Main News