දැඩි සුලං.. නිවාස ගණනාවක වහලවල් ගැලවි යයි..

September 1, 2020 at 5:30 pm | lanka C news
දැඩි සුලං.. නිවාස ගණනාවක වහලවල් ගැලවි යයි..

වවුනියාව හා මුලතිව් දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකට ඊයේ (31) රාත්‍රියේ බලපෑ අධික වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් නිවාස 53 කට අර්ධ හානි සිදු වී ඇති බවට ආපදාකලමනාකරන කාර්යාල පවසයි.

වව්නියාව ගනේෂපුරම් ප්‍රදේශයේ නිවාස 34 කට හා සමය පුරම් ප්‍රදේශයේ නිවාස 4 කට හානි සිදුව ඇති අතර මුලතිව් මුල්ලිවයික්කාල් බටහිර හා නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 15 කට මෙසේ හානි සිදුව ඇති බවට වාර්ථා වෙයි.

නිවාස හානි සිදු වුවද වර්ෂාවේන් හෝ සුලං හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර හානි සිදු වූ ප්‍රදේශයන්හි හානි පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු සිදු කරන බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

මුලතිව් හා වව්නියාව දිස්ත්‍රීක්කයන්හි නැවත පදිංචි වූවන්ගේ තාවකාලික නිවාස වැඩි වශයෙන් මෙසේ හානි සිවු ඇති අතර ඉදිරියේදි වර්ෂාව වැඩි වුවහොත් තමන දැඩි ලෙසින් පීඩාවට පත්වන බවට නැවත පදිංචි ජනතාව වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,091 views

One Comment to “දැඩි සුලං.. නිවාස ගණනාවක වහලවල් ගැලවි යයි..”

  1. රත්න අප්පුහාමි says:

    මේ.. උඹල අර විග්නේශ්වරන් ට කියල. හුළං නවත්ත ගනිල්ල.

    ඔය කාලකණ්ණිය නිසා උඹලාට උතුරුකරයම වෙන්න යන්නෙ…

Main News