දැනටමත් 112 අහිමියි.. බදියුදීන් විශ්වාස භංගයෙන් පැරදීම සනාථයි.. විරුද්ද වන්නැයි එජාප සියළු මැති ඇමතිවරුන්ට නියෝග..

May 22, 2019 at 10:48 pm | lanka C news
දැනටමත් 112 අහිමියි.. බදියුදීන් විශ්වාස භංගයෙන් පැරදීම සනාථයි.. විරුද්ද වන්නැයි එජාප සියළු මැති ඇමතිවරුන්ට නියෝග..

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දන්වා තිබේ.

බදියුදීන් මහතා සමග සිටින මන්ත්‍රී පිරිස ආණ්ඩුවට අවශ්‍ය බහුතරය ලබාදීම සඳහා තීරණාත්මක කාර්යයක් සිදුකරන නිසා කිසිසේත්ම විශ්වාසභංග පක්ෂ නොවිය යුතු බවද දැනුම් දී ඇත.

ඉදිරි දින කිහිපය ඇතුලත විශ්වාසභංගය විවාදයට ගැනුනහොත් එහිදී එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනා මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දී ආණ්ඩුව රැකගත යුතු බවද සියළු එජාප මැති ඇමැතිවරුන් ද දන්වා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මීට පක්ෂ වන බවට ප්‍රසිද්ධියේ සඳහන් කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පමණ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂ වන බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කියා ඇත.

පසුගියවර ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී ආණ්ඩුව වෙනුවෙන් ලැබුනේ ඡුන්ද 118ක් වන අතර බදියුදීන්ගේ මන්ත‍්‍රී ධුර 06 හා දෙමල සන්ධානයේ මන්ත‍්‍රී පිරිස අතිශය තීරණාත්මකය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද‍්‍රසේන මහතා කියා සිටියේ මේ වන විටත් එම විශ්වාස භංගය සම්මත කිරීමට අවශ්‍ය ඡුන්ද සංඛ්‍යාව සම්පූර්ණ වී ඇති බවයි. එම හේතුවෙන් විශ්වාස බංගය කල් දැමීම සදහා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා ව්‍යවස්ථාවද කඩ කරමින් තේරීම් කාරක සබාවක් පත් කර ඇතැයිද ඔහු සදහන් කලේය.

86,183 Viewers

9 Comments to “දැනටමත් 112 අහිමියි.. බදියුදීන් විශ්වාස භංගයෙන් පැරදීම සනාථයි.. විරුද්ද වන්නැයි එජාප සියළු මැති ඇමතිවරුන්ට නියෝග..”

  1. porolis says:

    MeMeka harigiyenathnam apinehe

  2. Habeeb Jamaldeen says:

    Try

  3. රජින්ද says:

    මල්වෙඩි සංදර්ශන, සැරසිලි ඕන නැහැ හලෝ… වැඩේ කරලා පෙන්නපල්ලා.! කලින් හැම වතාවකදීම මෝඩ චූන් දිදී හිටිය විතරයි. මෙදා පාර මිනිස්සුන්ගේ සැර උත්තර වලට හැමෙකාම පිච්චිලා යාවි.!!

  4. ranjan says:

    unp ආණ්ඩු තුල කිසිදිනක නීතිය ,සම්ප්‍රදාය ,සම්මතය යනාදී කිසිවක් ක්‍රියාත්මක නොවිය .සිදුවූ එකම දෙය තමාගේ පැවැත්ම උදෙසා අවනීතිය භාවිතා කිරීම පමණි

  5. Dilini says:

    Me pakshawena hama kenek ganama soya baliya yuthuya. Thrasthayangen Jarawa kana yakku thrasthayanta wada bayanakaya. Ewagema wilpaththuwe sitina naga mapil thrasthayo parikshakarana thuru Dadan bidin donwala aduwak natha. Thrasthawadi marmasthana mulinuputa nodammoth iwarayakda natha.

  6. අනාවැකිය says:

    අර්බුදයට එකම විසදුම 225ම පන්නාදමා ලංකාවේ අඵත් ශිෂ්ඨාචාරයක් ඇරඹුමයි.ඒක එක්තරා දුරකට විප්ලවයක්.නව ක්‍රමයේදී ජනතාව අතරිනුයි මහජන නියෝජිත් එන්නේ පක්ෂ වලින් නොවේ.පාර්ලිමේන්තුව වෙනුවට මහජන නියෝජිතයන්ගේම සුප්‍රීම් කවුන්සිලයකින් රට පාලනය වෙනවා.
    අද මේ රටට අහිතකර විනාෂකාරි හැම දෙයක්ම කෙරෙන්නේ පාර්ලිමේන්තුව යොදාගෙනයි.එහී ක්‍රියාකාරීවය රටේ පුරවැසියන්ගේ ජිවිතවල අයහපතට හේතු වෙලා.තර්ජනයක් වෙලා.ජනතාවට එහී කටයුතු වලට මැදිහත් වෙන්නට අයිතියක් නෑ.ජනතා සංවිධාන හා ජනතාසභා වල සුප්‍රීම් කවුන්සිලක් යනු රටේ පොදුජනතාව හැම අදියරකදිම පාලනයට සක්‍රියව දායක වන වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදීම ක්‍රමයයි.නියම ජනතාපරමාදිපත්‍යයයි.
    225 පන්නමු.. “නව ශිෂ්ඨාචාරයක්” අරඹමු !!!!!!

  7. බෙර හඬ says:

    කරුණාකර පෙර තිබූ මන්ත්‍රී ආසනයකට වග කියන එක් මන්ත්‍රී කොට්ඨාශයකින් එක් අයෙක් පමණක් තෝරා පත්කරන කේවල චන්ද ක්‍රමය නැවත ස්ථාපණය කරන්න, එවිට අපතයින් පාර්ලිමේන්තු එන්නේ අවම වශයෙනි, එමෙන්ම ඔවුනට බලය අවම වේ. රජයක් අල්ලේ නැටවිය හැකි වන්නේ මෙම මෝඩ ක්‍රමය නිසාය. ලෝකයේ මෙම ක්‍රමයට චන්දය දෙන්නේ කිනම් රටේද? කරුණාකර මෙය හකුලා දමන්න.

  8. Roshan says:

    Your vote matters to all the jokers for the election, Please reject any joker who vote for Badurdeen. Let them not come to any peace loving Sri Lankan to beg votes in future.

  9. Nidan Hora says:

    When the minority is given an opportunity to share governing, they seems to take all for themselves and abuse power. This semi arab camel should be sent home so he can concentrate on jihad from his mud hut again.

Main News