දැනට හිග අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී නැත්තටම නැති වෙනවා..- මුදල් ඇමති භයානක කතාවක..

May 4, 2022 at 10:46 am | lanka C news
දැනට හිග අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී නැත්තටම නැති වෙනවා..- මුදල් ඇමති භයානක කතාවක..

දැනට යම් හිගයකට පමණක් සීමාවී තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළදී සහමුලින්ම රටට නැති වී යනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

රට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය එතරම් ගැඹුරු එකක් බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින පිරිස හෝ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව ද හෙතෙම සදහන් කරයි.

දැනට කතාබහට ලක්වන්නේ ගෑස්, ඖෂධ, ඉන්ධන හිගය ආදී කාරණා සම්බන්ධව බව පමණක් බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

98,947 views

14 Comments to “දැනට හිග අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී නැත්තටම නැති වෙනවා..- මුදල් ඇමති භයානක කතාවක..”

  1. Nilantha says:

    අලි සබ්‍රි වගේ අවංක මුදල් ඇමතිවරයෙන්, නන්දලාල් වීරසිංහ වගේ අවංක මහබැංකු අධිපති වරයෙක් පහු ගිය අවුරුදු 10දී අපිට හිටිය නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ.

    • Developer says:

      දශක ගාණක ඉඳන් අපේ රටේ අය වැය හිඟයක් තිබුනා. යහපාලනේ ආපු ගමන් මහ බැංකුවට කෙලියා. ඒකෙ බලපෑම අවුරුදු 35ක් යනකල් අපේ ආර්ථිකයට බලපාන බව ආර්ථික විශේෂඥයො කියල තිබ්බා. යහපාලනේ කාලේ කන්න බොන්නත් ණය ගත්තා. ලංකාවේ ආර්ථිකය සුළු දේකින් පවා කම්පනය වෙන්න පුලුවන් බව ගෝඨාභය දිනන්න කලින් IMF එකෙන් නිකුත් කරපු වාර්ථාවෙත් තිබෙනවා. ඒ අස්සේ කොරෝනා ආවම කෙල විලාම ගියා.

      මාස කිහිපයකට මහබැංකු අධිපති වෙලා ඉඳපු කබ්‍රාල්ලගෙ වැරදි ආර්ථික ප්‍රතිපත්තිත් හේතු වුනා මේ අර්බුදය උත්සන්න වෙන්න. අන්තිමට රුසියානු යුද්ධේ නිසා ලෝකෙ ඉන්ධන මිල තිබුනට් වඩා දෙගුණයකටත් වඩා ඉහල ගියා. මේ හැමදේටම අන්තිමට විසඳුම් හොයන්න වුනේ අලි සබ්‍රිට

      • BBC says:

        අලි සබ්‍රි වගේ උගත් බුද්ධිමත් දැනුමක් තිබෙන අවංක අය තමයි අපේ රටේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු වෙන්න ඕන. ඇත්තම කියනවා නම් ඔහු හර්ෂ ද සිල්වාටත් වඩා අවංකව ඇත්ත කතා කරනවා. මොකද හර්ෂ ද සිල්වත් ගොඩක් වෙලාවට කතා කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂෙ වැරදි වහලා. අපේ රට ගොඩ ගන්න අලි සබ්‍රි ඇමතිතුමා, අලුත් මහ බැංකු අධිපතිතුමා ඇතුලු පිරිසට තවත් ශක්තිය ලැබේවා!

        • Economist says:

          අපේ රට වෙනුවෙන් අවංකව කරන සේවයට අපේ ප්‍රණාමය. අලි සබ්‍රි වගේ උගත්තු 25ක් පාර්ලිමේන්තුවේ හිටියා නම් අදත් අපේ රට සුරපුරයක්

      • Kingsley De Silva says:

        අනේ මෝඩ බයියො, මහ බැංකුව බින්ද නම් ,බැසිල් මොනවද ගත්තේ බජට් එක පියවන්න? නොදන්න ආර්ථික කතා නොකිය ඉන්නව මනුස්යො.

    • සනත් ඉතාලිය says:

      ඇයි නාකි මයින වගේ අවන්ක අගමැතිවරයෙක් පම්පෝරි ජනක ලොකු සෑර් වගේ අවන්ක නායකයෙක් නේද ? තාම පාඩමක් ඉගෙන ගෙන නෑ දියසේන කෙනෙක් බිහි වෙන තුරු බලා ඉන්නව වෙනුවට ඕනි ගොනෙකුට හොරෙකුට බලේට ආවම වගකීමට යටත් වෙන විමර්ෂනයට යටත් වෙන සිස්ටම් එකක් හදා ගන්න තාම අදහසක් නෑ.

    • Anju says:

      Wish SriLanka had more people like Ali Sabry- Honest, Capable, Not wanting to cling to power.
      Ali Sabry is a True Genyleman, not like the rajapassa crooks, basilus, cabrala etc. who should be in jail.

  2. වික්කා says:

    ආ…ආ…හරි ..අපි දැන් රට විකුණන්න පටාන් ගමු.

  3. Palayan Thambi Sabriya yanna umbath henchaiyek thamai naki mainage

  4. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    ආගමික ස්ථානවල බැංකු ගිණුම් රාජසන්තක කරන්න.. බිලියන30 කට වඩා මූල්‍ය වත්කම් එකතුවක් මෙරට බෞද්ධ , කතෝලික , ඉස්ලාම් , හින්දු ආගමික ස්ථාන සතුයි. එම ස්ථානවල නඩත්තුවට ප්‍රමාණවත් මුදල් ඉතිරි කර අනිත් මුදල් මහජනතාවගේ ශුභ සිද්ධිය වෙනුවෙන් යොදවන්න රජයට පවරා ගන්න…

  5. ගලගොඩඅත්තේ බිංදුසාර says:

    අපි තමා හොඳටම කලේ… පන්සලට නම් කිසිම අඩුවක් නෑ.. තුන් වේලම යසට ලැබෙනවා . සල්ලිත් ලැබෙනවා .. දුක් විඳින ගිහියනි, වරෙල්ලා ඇවිත් මහණ වෙයල්ලා.. තට්ටෙ ගාගෙන රැවුල කපලා සිවුර දාගෙන කවි ගාථා ටිකක් කටපාඩම් කර ගන්න ඕනෑ එක විතරයි කට්ටකට කියල තියෙන්නෙ තියෙන්නෙ..

    • රටවැසියා says:

      මොකක්ද මේ පන්සලයි බුද්ධාගම එක්ක තියෙන වෛරය

  6. Sun says:

    According to the information the economy is almost collapsed and people are screaming without knowing the management. Now we have to appoint Harsha for the ministry position and cooperate together to find a genuine solution rather barking like dogs in the parliament. We have to accept first and get together for the solution. We need the practical brains to design a plan. Otherwise people will start killing each other due to unrest in their minds. Please return those who have stolen and you can arrange a committee with people those who want to find the solution honestly.

  7. Sun says:

    According to the information the economy is almost collapsed and people are screaming without knowing the management. Now we have to appoint Harsha for the ministry position and cooperate together to find a genuine solution rather barking like dogs in the parliament. We have to accept first and get together for the solution. We need the practical brains to design a plan. Otherwise people will start killing each other due to unrest in their minds. Please return those who have stolen and you can arrange a committee with people those who want to find the solution honestly. As we know all our foreign friends are willing to donate money but not to these foolish management. We need the professional managers devoted to uplift the country at this point. Not just screaming without knowing the techniques. We are all together and not blaming any one. This is a mistakes of all.

Main News