‘දැන්වත් ගෙදර පලයල්ලා’ ලක්‍ෂ ගණනක ජනතාවක් සැප්තැම්බර් 05 කොළඹට..

August 13, 2018 at 3:00 pm | lanka C news
‘දැන්වත් ගෙදර පලයල්ලා’ ලක්‍ෂ ගණනක ජනතාවක් සැප්තැම්බර් 05 කොළඹට..

‘දැන්වත් ගෙදර පලයල්ලා’ කියා මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් ලබාදුන් පණිවිඩය තේරුම් නොගෙන රට දිනෙන් දිනම අගාධයට රැගෙන යන මේ ආණ්ඩුවට එම පණිවිඩය යළි වෙනත් අයුරකින් ලබා දෙන දිනය ‘සැප්තැම්බර් 05 වැනිදා’ බවත් එදිනට ලක්‍ෂ සංඛ්‍යාත ආණ්ඩු විරෝධී ජන ගඟකින් කොළඹ නගරය පිරී ඉතිරී යනු ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී ‘රට බෙදන – රට විකුණන – රට වනසන – පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය කොළඹට’ යන තේමාව යටතේ පැවැති ජනහමුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව මේ පරපුටු ආණ්ඩුවට කන පැළෙන උත්තරයක් ලබා දුන්නා. පළාත් පාලන මැතිවරණවලින් මේ රටේ ඉතිහාසය පුරා ජයග්‍රහණය කළේ බලයේ සිටි ආණ්ඩුවයි. නමුත් බලයේ ඉන්න ආණ්ඩුව පරදවා, කලින් බලයේ සිටි පිරිසට පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය එදා මේ රටේ ජනතාව විසින් ලබා දුන්නා.

එවැනි මැතිවරණයකින් එවැනි පණිවිඩයක් ලබා දුන්නත් මේ ආණ්ඩුව එම පණිවිඩය භාර ගත්තේ නැහැ. එවැනි පණිවිඩයකින් පසුවත් මේ ආණ්ඩුව බැහැලා යන්නේ නැත්තම් කුමක්ද කළ යුත්තේ ? මහ පාරේ අරගලය දියත් කිරීමයි. ‘තවදුරටත් මේ රට වනසන්නේ නැතිව අපට වද නොදී පලයල්ලා’ කියන පණිවිඩය ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා ලබාදිය යුතුයි.

ඒ දිනය තමයි 2018 සැප්තැම්බර් මාසයේ 05 වැනිදා. ඒ සටනට අපි දැන් සිටම සැරසෙමුෟ ‘දැන්වත් බැහැලා පලයල්ලා’ කියා 2018 පෙබරවාරි 10 වැනිදා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් සියලුදෙනා එදාට කොළඹට රොද බඳිමු ‘පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුව පලවා හරින සටන ජයග්‍රහණයෙන් කෙළවර කරමුෟ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

232 views

13 Comments to “‘දැන්වත් ගෙදර පලයල්ලා’ ලක්‍ෂ ගණනක ජනතාවක් සැප්තැම්බර් 05 කොළඹට..”

  1. amara says:

    Pohottuwa nagannawa…

  2. OLU says:

    රට බෙදන – රට විකුණන – රට වනසන – පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය කොළඹට’ අහන්නත් සතුටුයි..ගරු .විමල්ට අපේ ස්තුතිය
    සිරිසේනගේ යහපාලන දේශපාලන වහල් මානසිකත්වය මිදුනදා සිංහලයා නිදහස් නිවහල් මාතෘභුමියක් ඇත
    පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මහ පාරේ අරගලය දියත් කිරීම සිදු කල යුතුයි …මුළු රටේම ආර්ථිකය අගාදයට යද්දී , මුළු රටේම ජාතික සම්පත් විකුණමින් බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන නීත්‍යානුකූල අළුගෝසුවකු වීමට උත්සාහ කරන සිරිසේන වැනි ජනපති කෙනෙක් අපේ රටට අවශ්‍ය නැත සිරිසේනගේ එකම අරමුණ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි .
    මේ ආණ්ඩුව අපේ රටට පිළිලකි
    සිංහලයෙනි සමගි වී එක්වෙයව් ..මේ වත්මන් ආණ්ඩුවේ ජඩ පාලකයන් අපේ රටින් සදහටම නෙරපා දමා අපේ මව් බිම රැක ගනිව්

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda rajapakse Gallery pace eke akkara 750 China ekata sinnakkara denakota wimal weerawansa tamuse koheda out hitiye.

  4. Saradiel says:

    රනිල් සිරිසේන රජය එලවන්න පුළුවන් එකම බලය ජන බලයයි රට වෙනුවෙන් සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාම එක්විය යුතුය මේ වසලයන්ගෙන් රට බේරාගමු,

  5. Nim says:

    SRI LANKA JANATHA WAE
    DESAPPREMA YEN MA ELLANE
    JATHI HITHISE MULU MAHSTH JANATHA
    WAMA RATA TA AADARENAM RATA
    BERA GANNA ME WELAWE
    ANEK AYA YAAWE API NOGIYATA KIYALA
    ENNA APA. KAKUL DEKE PANA THIYENA
    WA NAM KARUNAKARA MEYATA SAHABAGEE WENNA.
    JAYAWEWA… THERUWAN SARANI.

  6. Nim says:

    SRI LANKA JANATHA WANE
    DESAPPREMA YEN MA ELLANE
    JATHI HITHISE MULU MAHATH JANATHA
    WAMA RATA TA AADARENAM RATA
    BERA GANNA ME WELAWE,
    ANEK AYA YAAWE API NOGIYATA KIYALA
    ENNA APA. KAKUL DEKE PANA THIYENA
    WA NAM KARUNAKARA MEYATA SAHABAGEE WENNA.
    JAYAWEWA… THERUWAN SARANI.

  7. Saman says:

    Api dakkane lagadi thbicha jana gaga. Horakam karala thawath horkam karana balayata enna hadanva……

  8. Ranarala says:

    mechchara pehediliwa wimal kiyana de wetahenne nethi mehemath booruwo……

Main News