දැන් ඇති.. අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට බලවත් තානාපතිවරු ඇතුළු ජාත්‍යන්තර දන්වති..

March 24, 2018 at 10:40 am | lanka C news
දැන් ඇති.. අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට බලවත් තානාපතිවරු ඇතුළු ජාත්‍යන්තර දන්වති..

රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහට තානාපති අංශ ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ ඉල්ලා අස්වී එජාපයේ වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කරගෙන ජනපතිවරණයාගේ නිල කාලය අවසන් වනතුරු රට ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද අගමැතිවරයාට තානාපති අංශ දැනුම් දී ඇති බවද සඳහන්ය.

යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත් වුවහොත් ඔහුට විපක්ෂයට යාමට සිද්ධ වනු ඇති බවත් එසේ වුවහොත් දැනට විපක්ෂ නායක ධුරය දරමින් දෙමළ ජාතික සන්ධානය වාර්ගික සමගිය වෙනුවෙන් කරනු ලබන වැඩපිළිවෙල අවුල් වී යළිදු වරක් රටේ බෙදීමක් ඇති වනු ඇති බවද තානාපති අංශ අනතුරු හඟවා තිබේ.

මේ නිසා තනි පුද්ගලයෙකු වශයෙන් තමාගේ තනතුර ගැන පමණක් නොසිතා රටේ ඉදිරි අනාගතය ගැන සිතා මේ මොහොතේ අගමැතිවරයා ඉවත්විය යුතු බව තානාපති අංශවල මතය වී ඇත.

ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් රැසක තානාපතිවරුන්ද අගමැතිවරයා විශ්වාසභංගයේදී කටයුතු කරමින් සිටින ආකාරය අධ්‍යයයන කිරීමෙන් පසු ඉහත සඳහන් කරුණ ඔහුට දැනුම් දී ඇති බවද සඳහන්ය.

– lakbima

39 views

29 Comments to “දැන් ඇති.. අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට බලවත් තානාපතිවරු ඇතුළු ජාත්‍යන්තර දන්වති..”

  1. Saradiel says:

    මහින්ද එන්න කලින් ඊළම වෙන්කරගන්න එජාපයේ සහය ඕන …සම්බන්දන් කියනවා

  2. Saradiel says:

    විපක්‍ෂ නායක ධුරය ඉංගිරිසින්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙහි වැදගත් තනතුරකි. විපක්‍ෂ නායකට හිමි වූ බලතල හා වරප්‍රසාද රාශියකි. ඒ බලතල හා වරප්‍රසාද යොදා ගනිමින් බෙදුම්වාදය වෙනුවෙන් නිල වශයෙන් ක්‍රියාත්මක විය හැකි ය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අගය කරන රටවල විපක්‍ෂ නායකගේ ප්‍රකාශවලට වැදගත් තැනක් හිමි වෙයි. කලක් විපක්‍ෂ නායක ව සිටි අමිර්තලිංගම් දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් ඒ පදවිය යොදාගත් ආකාරය අපි දනිමු.

  3. Love nature says:

    අප සම්බන්දන් විපක්‍ෂ නායකයා ලෙස පත්කිරීමට විරුද්ධ වන්නේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජාතිකත්වයට විරුද්ධ දෙමළ ජාතිවාදියකු නිසා ය. සුද්දෝ ද 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කර මෙරට සිංහල නීති රීති අනුව පාලනය කිරීමට පොරොන්දු වූහ. එහෙත් දෙමළ ජාතිවාදීහු ජාතිකත්වයට විරුද්ධව දෙමළ ජනයා සංවිධානය කරති. සම්බන්දන් ද දෙමළ ජාතිවාදයෙකි

  4. Gadol says:

    දැන් ලංකාවේ ඉන්න අංක එකේ බොරු කියන දෙමළ දේශපාලකයා සම්බන්දන්. දෙක සුමන්තිරන්. කරුණා අම්මාන් පවසති

  5. sinha le says:

    සම්බන්දන් සැරසෙන්නේ කුමකටද නොබෙදුන රටක දේශපාලනික විසදුමක් ඔන කියලා සම්බන්දන් දැන් මොනවද මෙ ඉල්ලන්නේ රජයෙන් දෙමල ජනයටත් එකවගෙම සලකනවනම් තව මොනවද මුට ඔන මුට ඔන තවත් ප්‍රබාකරන් කෙනෙක් බිහිකරන්න.

  6. mahinda r kithulgoda says:

    mattek kruthahastha deshapalakaya rakinnalu…mootath raajapaksha bheethikaawa thiyenne.ratata hena gahuwath kamak naa…ponsiyawa beraganna hadanne …2018….88 89 nowewaa..

Main News