දැන් ඇති.. මං දේශපාලයෙන් සමුගන්නවා..- ඇමති ජෝන් අමරතුංග
May 30, 2017 at 10:00 am | lanka C news
තමන් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කල බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්රික් නායක හා සංචාරක හා ක්රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග පවසයි.
නාත්තන්ඩියේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
දැන් තමන්ගේ සේවය රටට ඇති යයි කල්පනා කල බවත් දක්ෂ තරුණයන්ට දේශපාලනයේ අවස්ථාව ලබා දිය යුතු නිසාත් තමන් මෙම තීරනය ගත් බවද ඔහු එහිදී පැවසීය.