දැන් කොරෝනා පාලනය වෙලා.. මැතිවරණය පවත්වන්න සූදානම්.. අදහස් යෝජනා එවන්න..- මැකො සභාපති සියලු පක්‍ෂ වෙත දන්වයි..

May 24, 2020 at 12:00 pm | lanka C news
දැන් කොරෝනා පාලනය වෙලා.. මැතිවරණය පවත්වන්න සූදානම්.. අදහස් යෝජනා එවන්න..- මැකො සභාපති සියලු පක්‍ෂ වෙත දන්වයි..

කොරෝනා වෛරසය පාලනය කර ඇති තත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදහස් හා යෝජනා ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව විසින් මැතිවරණයට තරග කරන පක්ෂ වලට දැනුම් දී තිබේ.

එළැඹෙන 31 වැනිදාට පෙර එම අදහස් හා යෝජනා ලිඛිතව ලබා දෙන්නැයි කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

කොරෝනා සම්පූර්ණයෙන් අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීමට බලා සිටීම කළ නොහැකි බවත් බවත් එය පාලනය කර තිබියදී මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නැයි සභාපතිවරයා එම ලිපියෙන් ඉල්ලා ඇත.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට දිනයේ මැතිවරණ කොමිසන් සභාව සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

පවතින තත්ත්වය මත මැතිවරණය පැවැත්වීමට අදාල සෞඛ්‍ය නිර්දේශ ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් කරනු ලැබ තිබේ.

275 views

24 Comments to “දැන් කොරෝනා පාලනය වෙලා.. මැතිවරණය පවත්වන්න සූදානම්.. අදහස් යෝජනා එවන්න..- මැකො සභාපති සියලු පක්‍ෂ වෙත දන්වයි..”

  1. Kgs basnayake says:

    This bastard is creating mess in the country. He is a Fox.

  2. Ran says:

    මෙහෙමත් මෝඩයෙක්. කාගෙන්වත් ආහාන්නෙ මොකටද? තවත් කල් යවන්නද?

  3. chandapala says:

    පළාත්පාලන චන්දෙ තියන්න බැරි උනොත් ගෙදර යනව කියපු මැකෝ පසුගිය අවුරුදු 5ටම යන්තම් තටමල තිබ්බේ පලාත්සබා චන්දෙ විතරයි. මෙයත් බොරු නාඩගම් කාරයෙක් විතරයි. බල්ලෝ උඩ බුරනවා වගේ කෑ ගැහුවට තන්දෙට තටමනවා විතරයි. තවත් අදහස් විමසා කල් නොමරනු. ජනතාවගේ චන්ද අයිතිය යටපත් නොකරනු.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයත් මදිලු. මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය නමට පමණි.

Main News