දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති
November 6, 2020 at 10:00 am | lanka C news
බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය පැතිරීම හොඳින් පාලනය වී ඇතැයි කොරෝනා පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව දැනට එම පළාතට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා වන විට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
එම කාලය තුළ එම පළාතේ සියලු ආසාදිතයන් හඳුනාගෙන අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද ඔහු කියා සිටියේය.
තම තමන් ප්‍රවේශම් වුවහොත් මෙම ප්රශ්නය විසදා ගත හැකි බවත් පැවසූ ඔහු සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.
එසේ කටයුතු කලහොත් ගැටලුව ඉක්මනින්ම විසඳාගත හැකි වෙතැයි ද පැවසූ ඔහු පවතින තත්වය ඉතාම හොඳ බවත් රට මුළුමනින් ම වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් තවදුරටත් කියා සිටියේය.
දෙවැනි කොරෝන රැල්ල මතු වුණු ආකාරය ගැන යම් යම් තොරතුරු ලැබී ඇතැයි ද කී ඔහු එළඹෙන සතියේ පමණ වෙන්ට ඒ ගැන නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර හැකි වෙතැයි ද විශ්වාසය පළ කළේය.
it is very pitty Shavendra is cutting his throat himself.It is a shame for the war heroes to donate what they earned in the battle field.Corrupt politicians like Basil is using everyone’s dignity to achieve his goals.
We general public are not idiots we know everything about Basil whoever he uses to remove his mud will not give him good credits.
I am sad about shavendra and Kamal gunerathne who slowly destroying their life long achievements for these useless politicians.
Very true..
සහතික ඇත්ත..
ගිය සැරේ මහින්දගෙ ආන්ඩුව කෑවා..
මේ සැරේ ගෝටව කනවා..
20 විධායක බලතල …. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද..?
Very true 😎
What a joke ! Are you a qualified doctor to say so ? No sensible person believe you or your political master.
අපේ රටේ ඉතා කුඩා මීහරක් පිරිසක් ඉන්නවා මුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය, කරුණාකර ටික දවසකට මත පැන් සාලා වසා දමන්න, රෝගය වැඩිවීමට මුල මත් පැන්.. ඇමෙරිකාවේ සහා යුරෝපයේ වැඩි පිරිසක් මියගියේ මත පැන් බොන අයයි.
Shit…. this is real Bullshit Politics.. These all people are playing with people’s life… One day you also will get NATTE ENDAN GOMA…
එංගලන්තේ මාසෙකට වැහුවා වගේ ලංකාවත් දෙසැම්බර් අන්තිම වෙනකල් වහා වසා දමන්න
මූ ගංජා ගහලද?
රට අරිනවයි කිව්වම මොකද උඹල බූමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්නෙ
why GMOA quiet? ultimately for all the mistakes these people do, it will be health staff at risk. i think they should all get together and fight or hand over everything to army.
බිහිසුණු යුදෟධයක් සාර්ථකව නිම කොට ජය ළබා උපයා ගත් ගෞරවය ආර්ෂා කර ගැනීමට ඔබට හැකියාව ලැබේවා!
ලෝකයේ හොඳම හමුදාපති රාජපක්ෂ හොරනෑවක් වෙලා ! අනේ අපොයි !!!”