දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙගොඩ තලා යනවා.. කොළඹ උද්ඝෝෂණ තහනම් කල යුතුයි..

February 9, 2017 at 4:40 pm | lanka C news
දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙගොඩ තලා යනවා.. කොළඹ උද්ඝෝෂණ තහනම් කල යුතුයි..

කොළඹ නගර සීමා තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර. ඒවා පැවැත්වීමට සුදුසු ස්ථාන රජය විසින් නියම කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එහිදී ඒ සම්බන්ධව ඔහු මෙලෙස අදහස් දක්වන ලදී.

‘ලාංකික අපේ මතකය දිව යනවා 2015 ජනවාරි 08 වෙනිදාට පෙර අද උද්ඝෝෂණය පිරිස් වලට උද්ඝෝෂණය කිරිමේ හැකියාවත් තිබුනේ නෑ. ඒ කාලේ උද්ඝෝෂණ කලානම් සුදුවෑන් එකකින් උස්සනවා නැතිනම් අතපය කපනවා, පොලුවලින් ගහලා එලවනවා. එවැනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය නැති මානව අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැති, නීතියේ ආධිපත්‍ය රජ නොකරන ජන සමාජයක් නිර්මාණය වීම වෙලා තිබුනේ.

ඒ නිසා 2015 ජනාධිපතිවරණයේදි මේ රටේ සතර දිශාවේම ජනතාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බලයට පත් කළේ නැතිවී ගිය ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කරන්න, නීතියේ ආධිපත්‍ය නැවත ගොඩනගන්න, මානව අයිතීන් වලට ගරු කරන සමාජයක් නිර්මාණය කරන්නයි. ඒ අනුව අද ප්‍රජාත්‍රන්ත්‍රවාදය දෝරේ ගලන තත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් මේ ලැබී තිබෙන නිදහස හා නීතියේ ආධිපත්‍ය ලැබිය යුත්තේ රටේත් ජන සමාජයේත් දියුණුව සදහා මිසක රටේ පරිහානිය සදහා නෙමෙයි කියන එකයි අපේ විශ්වාසය වෙන්නේ. අද මේ උද්ඝෝෂණ නිසා විදේශ රටක ඉදන් අයෝජකයෙක් ආවාම කොළඹ නගරයේ තියෙන හෝටලයක හිටියොත් ඔහුට කොල්ලුපිටියට , බම්බලපිටියට යන්න ඕන වුනොත් පැය දෙකක් විතර යනවා. එතකොට ඔවුන් අප්‍රසාදයෙන් හැරිලා යනවා නම් අපේ රටට කොහොමද අයෝජන එන්නේ, ඒනිසා සෘජුවම එය ආර්ථිකයට හානිකරනවා.

වැඩ ඇරිලා කොළඹින් අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලට ගමන් කරන ජනතාවට මහමග කොතරම් රස්තියාදු වෙන්න වෙලා මිනිස් පැය ලක්ෂ ගණනක් දෛනිකව අපතේ ගිහින් තියෙනවා. එමෙන්ම ඇතිවන අධික මාර්ග තදබදය නිසා ලක්ෂ ගණනක් වූ වාහනවල ඉන්ධන දවනවාද කියලා. මේවා රටේ ආර්ථිකයට සෘජුවම බලපානවා.

ඒ වගේම රෝගියකුට වුවත් හදිසි අවස්ථාවක දී ජාතික රෝහලට යාමේ හැකියාව තියෙනවාද. විශේෂයෙන්ම වෘත්තීය සටන් වලට ගරු කළ යුතුයි. නමුත් එය රටේ ආර්ථිකයට හානිදායක නොවන සහ මහජනතාවට පීඩාකාරී නොවන  ලෙස සිදු විය යුතුයි. ඒ නිසා කොළඹ නගර සීමාව තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරලා. කොළඹ නගරයේ ඊට සුදුසු ස්ථාන ලබා දිය යුතුයි. නැතිනම් කොළඹ නගරයෙන් පිට වෙනත් ස්ථානයක් ලබා දිය යුතුයි’

– මිනුර රෂාන්ත

21 views

6 Comments to “දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙගොඩ තලා යනවා.. කොළඹ උද්ඝෝෂණ තහනම් කල යුතුයි..”

  1. බන්ඩයියා says:

    ලොල්ලට කඩේ යන ජාති වාදී අාගම් වාදී මරික්කාර් හම්බයට IS පිස්සුව හොඳටම තදවෙලා.

  2. පොඩිMAN says:

    ඇයි ගොනෝ උඹලගේ පිස්සු වැඩවලටනේ මිනිස්සු පාරට බහින්නේ.

  3. harsha says:

    දෙන නම දොරින්ම උඹලගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඕජස් ගලනවා… උඹලට බෑ මේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වලට වැට බදින්න.

  4. jahamanaya says:

    Mushlim aagama adhahana eka hera anith aagam adhahana ekath thahanam kala yuthuy !

  5. Susiripala says:

    We are not that dominated by politics of Muslim or Islam terrorist.
    Ours political democracy has no link with ISIS, Boku Harm ,or Alkaida Terrorism.
    We as nation allowed -Religion Freedom and recognized different views of ideologies in norms of democracy.
    We are not that lop-sided politics of UNP line of unwise and irrational politics of undermined democracy!
    Marriker want shifted UNP politics to supressed other political opinions.
    That is possible in Sri Lanka

  6. shantha dissanayake KURU says:

    sukara una

Main News