දැන් රට ස්ථාවරයි.. දැන් ඇත්තේ ඉදිරියට යාමයි..- අර්ජුන

December 22, 2018 at 6:48 pm | lanka C news
දැන් රට ස්ථාවරයි.. දැන් ඇත්තේ ඉදිරියට යාමයි..- අර්ජුන

ලාභ ලැබීමට වඩා මගී ජනතාවට සේවාවක් සැපයීම ප්‍රවාහන අමාත්‍යාංශයේ වගකීම විය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අවධාරණය කළේ කිසිම අවස්ථාවක මහජන සේවා ආයතන පෞද්ගලීකරණය කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි.

මහජන සේවා ආයතන අනාගත පරපුරට දායාද කිරීම තම අරමුණ බවද කියා සිටියේය.

මේ බව කියා සිටියේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යධුරයේ වැඩ භාර ගනිමිනි.

“පසුගිය කාලේ රටතුළ තිබුණු දේශපාලන අස්ථාවරබව දැන් අවසන් වී තිබෙනවා. දැන් අපිට තියෙන්නේ රට ඉදිරියට ගෙන යාම. ඒ සඳහා ඉදිරි මාස කිහිපයේදී දිවා රෑ නොබලා වැඩ කිරීමට අපිට සිදුවේවි. ඒ සඳහා මේ අමාත්‍යාංශයේත් අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල නිලධාරීනුත් සූදානම් විය යුතුයි. ඇත්තටම ප්‍රවාහන අංශය කියන්නේ රටේ ලාභ ලබන අංශයක් නෙමෙයි. සේවා සපයන අංශයක්. ඒ නිසා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තියෙන සියලුම ආයතන සේවා සපයන රාජ්‍ය ආයතන ලෙස දියුණු කරමින් අනාගත පරපුරට දායාද කිරීම මගේ අරමුණ වනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

වැඩභාර ගැනීමෙන් පසුව අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වෙමින් වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල දූෂණය සහ වංචාව නැති කිරීමට දැඩි පියවර ගන්නා බවයි.

දැනට යම් ව්‍යපෘතියක් නතර වී ඇත්නම් එම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම සඳහන් කළේ ඉදිරියේ එළැඹෙන උත්සව සමයේදී මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙසයි.

– තමීර මංජු

142 views

12 Comments to “දැන් රට ස්ථාවරයි.. දැන් ඇත්තේ ඉදිරියට යාමයි..- අර්ජුන”

  1. kumara says:

    අර්ජුන රණතුංග හා දම්මික රණතුංග ජෝඩුවෙන් ගුවන් තොටුපොල එයා ලංකා මිහින් ලංකා සේවිකාවන් රැක ගැනීම සදහා වෙනම මෙහෙයුමක් දියත් කරන්න වෙයි මතකනේ වරායේදී තෙල් සස්ථාවේදී වුන දේ

Main News