දැයට කිරුළෙන් වෙන් කල මිලියන 250 අතුරුදහන්.. වරද රාජපක්ෂ පාලනයේ..
December 4, 2017 at 5:30 pm | lanka C news
පසුගිය පාලන සමයේදී අම්පාරේ පැවති ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා යැයි පවසමින් එවකට බලයේ සිටි පුද්ගලයින් ලබා ගත් රු. මිලියන 250ක මුදලට වූ දෙයක් නැතැයි ඇමති දයා ගමගේ කියා සිටී.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අම්පාර නව බස් නැවතුම්පොල විවෘත කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව අමතමින් ඇමතිවරයා ඒ බව පැවසීය.
එමෙන්ම, එවකට තමා සභාපතිත්වයට දැරූ දයා සමූහ ව්‍යාපාරයට නීත්‍යානුකූලව ලැබුණු රු. මිලියන 110ක කොන්ත්‍රාත් ව්‍යාපෘතියක් අවලංගු කොට පැවති රජයේ හිතවතුන් දෙදෙනෙකුට ලබා දුන්නද, රු. මිලියන 100කට අධික වියදමක් දරා සම්පූර්ණ කළේ ව්‍යාපෘතියෙන් කොටසක් පමණක් බව හෙතෙම පැවසීය.
එවැනි ජනතා මුදල් වංචා හා නාස්ති කිරීම්වල බර වත්මන් ආණ්ඩුව මත පැටවී ඇති බව පෙන්වා දුන් ඔහු, බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා තමන්ට මුදල් සපයා ගැනීමට අසීරුව පැවති බව කීය.
ලෝක බැංකු ව්‍යාපෘතියකින් ඉතිරිව තිබූ මුදලක් පිළිබඳව දැන ගැනීමෙන් පසුව, ඔ්ස්ටේලියානු තානාපතිවරයා අම්පාරට පැමිණි අවස්ථාවකදී තමා කළ ඉල්ලීමක් මත එම මුදල නැවතුම්පොල ඉදි කිරීම සඳහා ලබා ගැනීමට හැකි වූයේ ඇමති ෆයිසර් මුස්තාෆා සහ ඔහුගේ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ද සහායෙන් බව ඔහු හෙළි කළේය.
ඉන් පසුව ද පැන නැගි බාධා මධ්‍යයේ තම අරමුණ ඉටු කරගත් බව ගමගේ මහතා කීය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඇගලුම් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම සඳහා ඉඩමක් ඉල්ලූ විට තමන්ට ලැබුණු මඩ වගුරක් සංවර්ධනය කොට කම්හල ඉදි කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් බිහි කළ බවයි.
අම්පාරේ දරුවන් නොදන්නා ප්‍රදේශයේ ඉතිහාසය ඔවුන්ට කියා දීමට කෞතුකාගාරයක අවශ්‍යතාව පැන නැගුනු නිසා එය ඉදි කිරීමට මෙම අවස්ථාවේදී ඊට මුල්ගල තැබූ බව ද ඇමතිවරයා කීය.
එම කාර්යය මෙන්ම, අම්පාර සති පොල වැඩිදියුණු කිරීම හා අඹ, බිම්මල් හා කුරුඳු වැනි නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොලක් විවෘත කිරීම ද ලබන වසර අවසන් වන විට සම්පූර්ණ කරන බව ඇමතිවරයා පවසා සිටියේය.
– ජෝර්ජ් ද සිල්වා
//එවකට බලයේ සිටි පුද්ගලයින් ලබා ගත් රු. මිලියන 250ක මුදලට වූ දෙයක් නැතැයි ඇමති දයා ගමගේ කියා සිටී.//
දැන් අවුරුදු 3 ක් ගියා ඕක හොයා ගන්න බැරි උනා නම් පුලුවන් එකෙකුට දීල ගෙදර පල.
රජයේ මුදල් කාසි වලින් දෙන්නෙ නෑ. ක්‍රොස් කරපු චෙක් වලින් බැංකු ගිණුම් වලට පමණයි. තත්ත්පර ගානෙන් බැංකු සිස්ටම් එකෙන් බඩු ගන්න පුලුවන්.
අම්පාරෙ ඉන්නේ බූරුවො නම් මෙයා කීයන ඒව විශ්වාස කරයි.
ඉදකින් හිගා කාල, පිට රටින් නය අරන්, මුන් දෙන පොර talks
මෙයා කොළඹ පේමන්ට්වල ගල් අල්ලන්න කොන්ත්‍රාත් ගත්තුබව දැන් අමතකද ?
Daya gamage is another rogue. He has forgotten how became rich. He has forgotten how he got lot of contracts iin ampara and galle underhand during unp regimes.
මචං දයා,
එක්කො ඔය සල්ලි අත්සන් කරල බාරගත්ත එකෙක් ඇති. එහෙම නැත්නං වැරදි විදිහට මුදල් නිකුත් කරපු එකා ඇති. එහෙම කෙනෙක් නැත්නම් ඔයා කියන්නෙ ටොම් පච.
රටට කෙලවපු එවුන්ට කෙලවපු එක තමයි මහිංඳ කොරේ ඒකෙන් එලිය බලපු පිංපියෝ දැන් ඉටිපංදමක් හොයාගෙන කලාමැදිරි යගේ එලියෙන් පාන පත්තු ඉරුවදු වැඩිකල් නොගොස් සක්කිලියා???????????
Can someone tell me what the connection between this man and cnews please?
බොරුවට කෑ ගහන්නෙ නැතුව ගත්තු සීනි මෝලෙ සීනි හදාපිය.
නෝන පශු වෛද්‍ය කෙනෙක් නිසා පිස්සු හැදෙන්න කලින් ඇන්ටි රේබීස් එන්නතකුත් ගහගනු.
කොන්ද පණ නැති වේගෙන එනව නම් පාවෝ එන්නතකුත් නෝනට කියලම ගහගනු.
ඊට පස්සෙ බුරනු.
Juju.huuuuuu….muta muta malvadam, sudu kodi. Panna patan aran.