දැරණියගල සමුපකාරයෙන් සම්මුතිවාදී එජාප-ශ්රීලනිප හේදිලාම යයි.. පොහොට්ටුවට 89යි.. එජාප+ශ්රීලනිප-03යි
August 14, 2017 at 12:40 pm | lanka C news
කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල ආසනයේ සි/ස දැරණියගල විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් මේ සෙනසුරාදා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට සි/ස දැරණියගල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට පත්වන සමාජිකයින් 92 න් දෙනාගෙන් 89 දෙනෙකුම පත් විය.
ආණ්ඩුවේ ප්රමුඛ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්රිලනිප මෛත්රී පිල එක්ව දිනාගැනීමට හැකිවූයේ ඉන් නියෝජිතයින් 3 දෙනෙකු පමණි.