දැරියකට අතවර කරන්න අයෙකුට ප්‍රදේශවාසීන් දැඩි ලෙස පහරදී පොලීසියට භාරදෙයි..

January 31, 2019 at 6:48 pm | lanka C news
දැරියකට අතවර කරන්න අයෙකුට ප්‍රදේශවාසීන් දැඩි ලෙස පහරදී පොලීසියට භාරදෙයි..

යාපනය, නාවන්තුරෙයි ප්‍රදේශයේදී වයස අවුරුදු 12 ක දැරියක් කඩයට ‍ගොස් පැමිණෙමින් සිටියදී අදාළ දැරිය රැගෙන ගොස් අපචාර සිදුකිරීමට උත්සහ කල පුද්ගලයෙකුට ඊයේ (30) සවස පහරදී පොලීසියට බාර දී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අදාල සැකකරු පසුගිය 23 වැනිදා එම ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් වෙළඳසැලකට ‍ගොස් පැමිණෙමින් සිටියදී අදාළ දැරියට අපචාර සිදුකිරීමට උත්සහ කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වන සැකකරු ඊයේ(30) යාපනය නාවන්තුරෙයි පොදුවෙළදපොළ භූමියේ සිටිනු දැක ප්‍රදේශවාසීන් අදාළ පුද්ගලයා අල්ලා පහරදි පොලීසිය වෙත බාරදි තිබිණ.

සැකකරු පවසා ඇත්තේ තමන් කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිට වෙළදාමට පැමිණි පුද්ගලයෙකු වන අතර සැකකරු අල්ලා පහරදි ප්‍රදේශවාසීන් පොලීසිය වෙත බාරදි තිබියදී සැකකරු ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර,එහිදි සැකකරු රෝහලෙන් පැනගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

පැන ගිය සැකකරු පිළිබඳව මෙතෙක් තොරතුරක් නොමැති අතරම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

148 views

2 Comments to “දැරියකට අතවර කරන්න අයෙකුට ප්‍රදේශවාසීන් දැඩි ලෙස පහරදී පොලීසියට භාරදෙයි..”

  1. Dp says:

    සැකකරුවෙක් රෝහල් ගතකිරීමකදී මාංචු දමා පොලිසිය ඔහු සමග සිටිය යුතුයි . මේ සුළු සිද්දියකින් වුනත් උතුරේ අයට පොලිසිය ගැන තියෙන විශ්වාසය නැතුව යනවා .

  2. david milibanda says:

    Carelessness of the police……….

Main News