දැරියක් අපයොජනය කල පොළිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගනී…

December 12, 2018 at 11:20 am | lanka C news
දැරියක් අපයොජනය කල පොළිස්  නිලධාරියෙක් අත්අඩංගුවට ගනී…

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් යන වසේ දැරියක් රවටාගෙන දඹුල්ල ප්‍රදේශයට ගෙනවිත් ලිංගික අපචාර සිදුකල බවට ලද තොරතුරක් මත 46 හැවිරිදි පොලිස් නිලධාරියෙකු ඊයේ 12 /11 දින දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ඇත.

ඔහු වත්තේගම පොළිසිට අනුයුක්තව සේවය කල පුද්ගලයෙකු බවත් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි. අත්වඩංගුවට ගත් පුද්ගලයා ව දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණට‍ ඉදිරිපත් කිරිමට නියමිතයි.

දඹුල්ල පොලිසි බල ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ ස්ථාධිපති සම්පත්කුමාර මහතාගේ මෙහේවීමෙන් දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරින් සිද්ධිය පිළිබදව සිදුකල පරික්ෂණ වලින් අණතුව සැකකරු අත්වඩංගුවට ගෙන ඇති අතර ළමා හා කාන්තා ඒකකයේ නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි..

මහින්ද උදයසිරි දඹුල්ල

14,728 Viewers

3 Comments to “දැරියක් අපයොජනය කල පොළිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගනී…”

  1. Nishantha says:

    2/3 kapa damiya yuthui

  2. නිළමේ says:

    බහුතරය අඩුකල යුතුයි!

  3. Love nature says:

    මරණිය දණ්ඩනය නියම කල යුතුය

Main News