දැරියක් දූෂණය කළ පියෙකුට අධිකරණයේදී ලැබුනු දඩුවම මෙන්න..
November 22, 2017 at 8:02 am | lanka C news
යාපනේ මනල්කාඩු ප්රදේශයේදී බාල වයස්කාර දැරියක දූෂණය කළ සිව් දරු පියකුට අවුරුදු 15ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා දැරිය වෙනුවෙන් වන්දියක්ද ගෙවන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉලන්චේලියන් මහතා විසින් නියෝග කොට ඇත.
2012 වසරේ ජූලි මාසයේදී අදාල පුද්ගලයා විසින් මෙම අපරාධය කර ඇති අතර මෙම නඩුවේ තීන්දුව ප්රකාශ කරන අවස්තාවේදී රජයේ නීතිඥවරයා කියා ඇත්තේ විත්තිකරුට එරෙහි චෝදනාව ඔප්පු වී ඇති බවටයි.
එමන්ම දූෂණයට ලක් වූ දැරියට මේ වනවිට එකී දූෂණය හේතුවෙන් අවුරුදු 4ක දරුවකුද සිටින බව පැවැසූ නීති ඥවරයා දැරියගේ ජීවිතය විනාශ කළ විත්තිකරුට එරෙහිව දිය හැකි උපරිම දඩුවම ලබා දෙන ලෙස ද අධිකරණයේදී ඉල්ලා සිටියේය.
ඒ අනුව අපරාධකරුට එරෙහි දඬුවම ප්රකාශයට පත් කළ විනිසුරු ඉලන්චේලියන් බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවම ට අමතරව රුපියල් 30,000ක දඩ මුදලකුත් එය නොගෙවන්නේ නම් තවත් මාස 18 ක සිර දඬුවමකුත් දැරියට ලක්ෂ 6ක වන්දියකුත් එය ගෙවිමට නොහැකිනම් තවත් මාස 8ක සිරදඬුවමකුත් නියම කළේය.
මෙසේ සිරදඩුවම් හා වන්දි මුදලක් ගෙවීමට සිදු වූවේ යාපනය මනල්කාඩු ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි වික්ටර් අරැන්දරාජා නැමිති පුද්ගලයෙකුටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කරුමයට මේ මහින්ද කියල මිනිහෙක් ඇවිත් යුද්දෙ ඉවර කළා.නැත්නං හමුදාව පිටින් අරින්න තිබුනා.