දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..

July 26, 2021 at 12:02 am | lanka C news
දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් මියගිය දැරිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බැවින් ඉදිරියේදී එම ප‍්‍රකාශය සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පොලීසිය බී වාර්තාවක් මගින් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූ අතර දින 08කට පසු ඊයේ නැවතත් ඔහු එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණු රිෂාඞ් බදුර්දීන් මහතාට වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

– lankadeepa

25,196 views

13 Comments to “දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..”

  1. Amaris says:

    මේකට සිදුවන්නෙත් පාස්කු ප්‍රහාරයට සිදු උන දයමයි. පාස්කු ප්‍රහාරයෙදිත් කලේ අනවස්‍ය පුද්ගලයින්ගෙන් පවා සාක්සි ගෙන සාක්සිකරුවන් දහසද ඉක්මවල ගියා.බොහෝ කාලයක් අරගෙන සබෑ අපරාධ කරුවන්ට එරෙහි සාක්ශි සියල්ලක්ම විනාශ කිරීමට ඉඩ දුන්න. විශේෂයෙන් CCඨ්V දර්ශන වගේ දේවල් මකා දැම්ම. අන්තිමට රිශාඩ් නිදොස් කොට නිදහස්. වරද කරු කලේ නනසාර හාමුදුරුවෝ. මෙතනදිත් පොලිසිය ඉහලම තැන්වල දැනුවත් කම ඇතිවා ඉතාම සූක්ශම මෙහෙයුමක් දියත් කරනවා. දැරිය පදිංචි ප්‍රදේශයේ පාරේ යන පුද්ගලයින්ගෙන් පවා ප්‍රකාශ සටහන්කරගෙන කියනව දැනට මෙපමණ ප්‍රමානටකින් ප්‍රශ්ණකර තිබෙනවා කියා කියනවා. සියල්ලම සාක්ශි කරුවෝ. Too much cooks spoil the soup. කියමනක් තිබෙනවා. ඉතා අත්‍යවස්‍ය දේවල් කිසිවක් කරන්නේ නෑ .ඔය සිද්ධිය සිදු උනා කියන දිනයේ CCtv දර්ශන පරීකාශා කරන්ඩ පුලුවන් එදින නිවසේ සිටියේ කවුද ගිනිගත්තේ කීයටද ඇම්බියුලන්ස් එක ආවේ කීයටද. නිවසියන් දී තිබෙන සාක්ශි පරස් පර විරෝදීද මේවා ඉතාම සරල දේවල්. මේ සිද්ධිය සිදුවෙලා පැය කීපයකින් රිශාඩ් රෝහල් ගත වෙනවා. බොරුවට රෝහලේ ඉන්නේ කියල නැවත බන්ධානාගාත කරනවා. මේක අත දරුවෙකුටත් තේරෙනව පොලිසිය බොරුව කරන්නේ කියල. පොලිසියේ උපදෙස් මත CCtv දර්ශන මකා අවසන්. රිශාඩ්ල CCtv දර්ශන මැකීමට රුසියෝ මේවා දේශ බන්දුලාගේ උපදෙස් මත සිදුවන දේවල්. බොරුවට ලයිටර් සොයා ගත්ත බෝතලේ හොයාගත්ත කියල වැදගැම්මකට නැති සාක්ශි හොයනවා. අපිත් ස්කොට්ලන්ඩ් යාඩ් පරීක්ශණ කියවා තිබෙනවා .ආන්ඩුවේ මහ උන්ගේ බලපෑම් මත මේක යට ගැසීමට සියලුම් යටිතල පහසුකම් සපයා අවසන්.

  2. Sun says:

    Top political idiots are controlling the law of this country and we cannot expect genuine outcome as power crazy politicians are keeping closed eye in politics.

  3. Gamini says:

    I think all will be free and girls mother and father will be jail soon. 💯💯💯💯

Main News