දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..

July 26, 2021 at 12:02 am | lanka C news
දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් මියගිය දැරිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බැවින් ඉදිරියේදී එම ප‍්‍රකාශය සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පොලීසිය බී වාර්තාවක් මගින් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූ අතර දින 08කට පසු ඊයේ නැවතත් ඔහු එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණු රිෂාඞ් බදුර්දීන් මහතාට වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

– lankadeepa

25,227 views

13 Comments to “දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..”

  1. 3% ජෙප්පා says:

    මොන බොරුවක් හරි කරලා බදියුදීන් නිදහස් කරලා යවනවා. මූට දඩුවම් කරලා පාර්ලිමේන්තු චන්ද ටික කෙලවාගන්නේ මක්කටෙයි කියන බලධරයෝ මූට අතක් තියන්න දෙන්නේ නැහැ.

  2. පොලගා says:

    ප්‍රශ්න කරන්න කාටද බැරි. පොලිසිය මුන්ව අරන් යන්නේ ජනාධිපති වරයෙකු අරන් යනවා වගේ ගරු නම්බු ඇතිව. අර මිනීමරු ගෑනිව හුරතල් කරමින් ගරු සරු විදියට අරන් යනකොට මතක් වෙන්නේ පොලිසිය කිසිම වරදක් නොකල දුප්පතුන්ට ගුටි ඇන ඇන දක්කාගෙන යන හැටි. සල්ලි බලය සහ පාර්ලිමේන්තු චන්ද කීපයකට කොතරම් දේවල් කරන්න පුළුවන්ද?

  3. 3% ට බය බයියා. says:

    මහ රාජාගේ අවමඟුල් උත්සවය ට නිරෝධනය නීතිය කෝ?එකම . රටක් නීති දෙකක් ..

  4. බූරු ජෙප්පා says:

    මුගේ පවුලේ එකෙකුට වත් මාංචුවක් වත් දැම්මාද? ඔක්කොම සාක්ෂි හංගන්න තමයි මේ පාර කපන්නේ. අන්තිමට ඔක්කොටම වැරදි කාරය වෙන්නේ අර කෙල්ල තමයි

  5. ප්ලැකනිල් ගොන් පුතා says:

    ඔය දැරිවිය මුලින්ම අපයෝජනය කරන්න ඇත්තේ ගෙදර ඉන්න බලවත්ම පුද්ගලයා තමයි. විසිදාහක පඩියට ගෙනැවිත් එකපාරටම ලක්ෂ ගානක් ගෙව්වේ ඇයි? මේ ගෙවීම් ගැන මේකා දන්නේ නැහැ කියන්නද හදන්නේ?

  6. Kumudika says:

    He ordered this killing and that’s why he came to hospital to coordinate the killing and destroy evidences .His brother in law was his right hand man and he is an accomplice to all his crimes.All his crimes done through him and he used to sit with this man when he was the minister and accompany him wherever he goes .these two men used to travel to arabic countries under ministerial powers to get fundamentalists to destroy this country .please question this brother in law .

  7. තොප්පි මාමා says:

    බදියුදීන් එහෙනම් ඇත්තම කියාවි ! .මුන් මොන පොලිසියක්ද මන්දා මරනය සිදු වූ තැන බූමිතෙල් බෝතල් ගෑස් ලයිටර් පිච්චිලා ගියපු සෙරෙප්පු පහලවෙන බොහෝ බලගතු ස්තානය බලන්න යන්නේ දවස් විසි එකකට පස්සේ. මේ පොලිසියට මෙවැනි දේවල් යටගහලා හොඳට පුරුදුයි වගේ. නිල ඇදුමටත් ලැජ්ජයි. සල්ලි වලට යට වී ඇති කියලා පෙනෙන්නේ.

  8. බූරු පුතා says:

    මුගෙන් ප්‍රශ්න අහනවා කියලා ජනතාව මුලාකරන්න එපා. ඕනෑ ගොනෙකුට මෙතන සිදුවෙලා තියෙන දේ හොඳටම පැහැදිලියි. පොලිසියට විතරක් මොලේ කලදක් නැති විදියට රගපාන්නෙ. මුන් එක එකාගෙන් වෙන වෙනම එකම සිද්ධිය ගැන ඇහුවාම වෙනස් උත්තර දෙනවා නම් ඇත්ත හොයාගන්න පුළුවන්.

  9. නිවටයා says:

    දැරිය ගිනි තියාගැනීම සදහා බූමිතෙල් බෝතලයක් පාවිච්චි කරා නම් ඇගට බූමිතෙල් හලාගත්තට පස්සේ බෝතලය ආපසු පරෙස්සමින් බිම තියෙන්නේ නැහැ. ඒක කුඩු වෙලා යන්න වීසි කරලා එක මොහොතකින් ගිනි තියාගන්නවා. එතකොට ලයිටරයත් ගිනි ගන්න ඕනෑ.ඒක ප්ලාස්ටික් නිසා ඇතුලේ තියෙන දියරමය ගෑස් එකත් ගිනිගන්නවා. එහෙනම් කොහොමද දවස් විසි එකකට පස්සේ බූමිතෙල් බෝතලයක් ලයිටරයත් හාස්කම් බලයකින් පහල උනේ?

  10. MD says:

    කපටි මෝඩයා ඇඟේ ලේ ටික මාරුකරගන්ට ගියාද?ඵහෙම නැතිනම් DNA පරීක්ෂණ වලින් බේරෙන්න මොනවහරි හරි කරගත්තද?දුප්පත් අහිංසක මිනිස්සුන්ට අඩුපාඩු තියෙන හොඳ බෙහෙත් වර්ග ජනෙල්වලින් ඵලියට විසිකරන්න තරම් අධම ක්‍රියාවට මේ තිරිසන්නු පත්වෙලා.වහාම පරීක්ෂණ අරඹන්න.

Main News