දැවන්ත වන අලියෙකුට විදුලිසැර වැදී මිය යයි…

December 14, 2020 at 5:30 pm | lanka C news
දැවන්ත වන අලියෙකුට විදුලිසැර වැදී මිය යයි…

වව්නියාව ඕමන්ත පොලිස් බලප්‍රදේශයේ ඉරම්බයිකුලම්කුලම් ප්‍රදේශයේ මිය ගිය දැවන්ත වල්අලියෙකුගේ මළ සිරුරක් තිබී ඊයේ (13) දින සොයාගත් බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

ඉරම්බයිකුලම් ප්‍රදේශයේ පිහිටි වගා බිමක අදාල වන අලියා මිය ගොස් දින ගණනක් ගෙවී ඇති අතර වන අලියාගේ සිරුර නරක් වී දුර්ගන්ධයක් හැමීමෙන් පසුව ප්‍රදේශවාසියෙකු දැක ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව ඒ බව වව්නියාව වනජීවි කාර්යාලයට දැනුම් දී තිබුණි.

අනතුරුව අදාල ස්ථානයට ගිය වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී අදාල වන අලියාට කිසියම් පුද්ගලයෙකු විසින් ඇද තිබූ විදුලි රැහැනක් පැටලී විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට සැක පල කර සිටියේය.

අදාල විදුලි රැහැන් ඇද්ද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර මිය ගිය වනඅලියා වයස අවුරුදු 25 ක් පමණ වන බවටද වව්නියාව වන ජීවි නිලධාරීන් පවසා සිටි අතර වනඅලියාගේ අවසන් කටයුතු සිදු කිරීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,301 views

One Comment to “දැවන්ත වන අලියෙකුට විදුලිසැර වැදී මිය යයි…”

  1. JOHN says:

    වව්නියාවේ දැන් ඉන්නේ මෙලෙච්චේද දෙමළ කොටිනේ උන්ට අලිමැරිම සුළු දෙයක්

Main News