දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

August 15, 2022 at 3:20 am | lanka C news
දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

දැවැන්ත පාඩුවක් ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි දාහතරක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ද ගුවන් යානයක් තුළ කලමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්යමණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත් කර ඇත.

මසකට රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙන දීමේ කටයුතුවල යෙදෙන බවද සඳහන් වෙයි.

ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදා සිටින බවද වාර්තා වෙයි.

37,371 views

8 Comments to “දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..”

  1. No to 226 says:

    මීටත් වඩා දරුණු කාලයක් එනවා.. මීටත් වඩා විපත්ති වෙයවා… සියලුම දෙනාට දුක් විඳින්න වෙනවා – ජනාධිපති රනිල්
    දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී..වැටුප් කෝටි 14යි-LankaCnews
    🤣😁😭
    (හරක් කටාලා 226යේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙයි !)

  2. සෙනරත් says:

    මාසෙට ලක්ස 5 ක් කියන්නෙ මහ වැටුපක්ද හලෝ…තමුසෙත් ඒවගෙ ජොබ් එකක් හොයාගන්නවා… අනුන්ගේ ඒවට පව්කාර නිවුස් දාන්නෙ නැතිව …

    • King Cobra says:

      තෙල් සංස්‌ථාවේ තෙල් කරවලයන් සෙට් එකත් අවමය ලක්ෂ 3කට කිට්ටු වෙන්න පඩි ගන්නවා.
      මේක මහ දෙයක්ද.?

  3. Sandun Dhammika says:

    Handover the Sri Lankan Air lines to GIJOE Major Matt Mason and he and his team will make it profitable within one year of time.
    We should privatize it and that’s it.
    We should welcome US marine forces, CIA, Pentagon officers to Sri Lanka.
    Wee need US marine forces man.
    Oh yeah !

  4. දේශප්‍රේමියා says:

    විකුණලා දාන්න මේවා.
    මහා භාණ්ඩයට මහා බරක් හැමදාම.
    නැත්නම් මේ රට හදන්න බෑ.

  5. Lalla says:

    පින්බත් කරපල්ලා.ඊළඟට එන රැල්ල පින්පඩිකාරයින් එලවීම අරමුණ කරගෙන යන බව පැහැදිලියි.නිකම්ම පඩිගන්න බහුතරය රාජ්‍ය සේවකයන් ඊලඟට එලවීම කලයුතුමයි.

  6. කට පුංචා says:

    හරක් කටා කිව්වනේ හැම දේම හරි යනවා කියලා

  7. බැංකු ව්‍යාපාර වැටේවි says:

    පොහොට්ටුවන්ගේ දේශපාලන සංස්කෘතියම රනිල් අනුගමනය කරනවා වාගේ. තමන්ගේ ලගින්ම ඉන්න අයට රැකියා පූජා කරනවා. ව්‍යාපාරික ප්‍රජාව මීට වඩා මෙවැනි මුදල් කබාසීනියා කරන අවස්ථාවලට විරුද්ධ විය යුතුයි. මෙහෙම ගියොත් මුළු බැංකු පද්ධතියම වැටෙනවා.

Main News