දැවැන්ත මුදලක් වියදම් කරන නිසා කොරෝනා පාලනය වෙලා.. ආසාදිතයන් නිවසේ රදවන්නත් අවධානය..

January 23, 2021 at 4:40 pm | lanka C news
දැවැන්ත මුදලක් වියදම් කරන නිසා කොරෝනා පාලනය වෙලා.. ආසාදිතයන් නිවසේ රදවන්නත් අවධානය..

කොවිඩ් 19 වැළදුනු පුද්ගලයෙකුගෙන් එය පැතිරීමේ අවදානම වැඩිම කාලය පලමු දින 10 වන බැවින් එම කාලය නිවැරදිව හදුනාගෙන කටයුතු කිරීමත් වෛරසයේ පැතිරීම එහි හැසිරීම, ස්වභාවය පිළිබදව නිවැරදි විද්‍යාත්මක සාධක පදනම් කරගෙන එය පාලනය කිරීම සදහා නව විද්‍යාත්මක උපක්‍රම පිළීබදවත් අවධානය යොමුකළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති දෛනික කොවිඩ් විශ්ලේෂණ කමිටුව හමුවේදී ඇය මේබව සදහන් කළාය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජය විසින් කොවිඩ් 19 පාලනය සදහා අතිවිශාල මුදලක් දෛනිකව වියදම් කරන අතර එමගින් වෛරසය ලංකාවේ යම් පාලනයකට ලක්කරගෙන සිටියද තවදුරටත් උපායමාර්ගික ක්‍රියාමාර්ගවලට එළැඹීම මගින් ගනු ලබන විද්‍යාත්මක උපක්‍රම ඔස්සේ වෛරසයේ පැතිරීම සීමා කිරීම, කාලය, මුදල ඉතිරිකර ගැනීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අධික වෙහෙස අවම කර ගැනීම, තදබදයකින් තොරව සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම ආදිය සිදුකල හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් (Asymptomatic Patients) සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 04 නිවෙස් තුළ වෛද්‍ය නිරීක්ෂණය යටතේ තැබීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණු මත තීරණය කිරීමට සොයා බලන ලෙස සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය එය කලින් ඇතුලත් කර කලින් පිටව යාහැකි (early admission early discharge) ක්‍රමවේදයක් ලෙස සකස් කිරීම වැදගත්වන බව සදහන් කළාය.

කොවිඩ් 19 පාලනය සදහා දැනට භාවිතා කරන පරීක්ෂණ (Testing), රෝහල් ගත කර තබන කාලය (period of hospitalization), නිරෝධායන වැඩපිළිවෙල (Quarantine Process) සහ නිරීක්ෂණ කටයුතු (Surveillance system) ඇතුළු ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවාද නැතහොත් වෛරසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අලුත් අදහස්, තහවුරු කර ඇති කරුණු ඔස්සේ එම ක්‍රමවේදයන්හි වෙනසක් සිදුකල හැකිද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරු ඇතුළු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සහභාගීවිය.

– තුසිත ජයවර්ධන

21,663 views

10 Comments to “දැවැන්ත මුදලක් වියදම් කරන නිසා කොරෝනා පාලනය වෙලා.. ආසාදිතයන් නිවසේ රදවන්නත් අවධානය..”

  1. රන්වල says:

    කොවිඩ් කියන්නෙ උණ හෙම්බිරිස්සාව වගේ වයිරස් ආසාදනයක්.මේක හැදෙන හැමෝම මැරෙන්නෙත් නෑ බෙහෙත් නැතුව ඉබේ හොද වෙන්නත් පුලුවන් .මේකත් එක්ක ඕනි තක්කඩියෙකුට සෙල්ලම් දාන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ නිසා.කෝ හදාපියව්කො පැණි පිළිකාවට ඒඩ්ස් වලට එහෙමත්.ඒව එක්ක මේ ඇන්දිල්ල කරන්න බෑ කියල දන්නව.අනේ මෙහෙම තක්කඩි රැලක් සහ ඒවට ඇන්දෙන මෝඩයො ටිකක්.

    • Nimal says:

      ගවමුත්‍රා නමි කොරොනා වලට විතරමයි බඩු සුවර්.

    • Nimal says:

      ඹික කියපංකෝ උඹ රෑ දවල් කඩෙි යන කොමිස් කාක්කොන්ට කොරානා වලට එන්නත් හොයහොයා ඉන්නේ නැතුව පිලිකාවට ඒඩිස් වලට බෙහෙතක් හදා පෙන්නාපියවි කියලා. අනේ ගොබිබ හරකෝ බොගේ මොලේ කොටයි කියන්නේ නිකංද බං. උඹ වගේ එකෙක්ට කුලියට කොටන්ට දෙන සල්ලි අපරාදේ.

    • kawinda says:

      Corona paalanaya wela thiyenne koheda..? me mahathmiyayage district ekema iiye aasaaditayo 150 tath wedi i.
      loku mudalak nan viyadam wela ethi thamai. namuth rate Coronawa samaaja gathawela iwarai. den Colombo Gampaha Kalutharatath wada pita palaathwala wediwela. tikak rata ethulata behela balanna. AC Rooms walata Corona leddu penenne nehe.

  2. Love nature says:

    කොරෝනා තුරන් වෙනතුරු තැබෑරුම් වසා දමන්න.

  3. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා නෙමෙයි, මුන්ට පිස්සු හැදිලද…….??

    කොරෝනා දිනපතා ව්‍යාප්ත වෙනව…..!

  4. Hhkh says:

    Me ammandita thama igawata hadenne.

  5. Hashi says:

    Koheda yako palanaya wela tiyenne. Dawasata 800k witara hambenawa dan. Mekita pissu

  6. මර්තේනිස් අයියා says:

    මේ හත්වලාම හිටපු එකටත් එහා

Main News