දැවැන්ත වන අලියෙකුට විදුලිසැර වද්දවා මැරූ කාන්තාවක් අත්අඩංගුවට…

February 17, 2022 at 2:02 am | lanka C news
දැවැන්ත වන අලියෙකුට විදුලිසැර වද්දවා මැරූ කාන්තාවක් අත්අඩංගුවට…

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී වනඅලියෙකුට විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී (16) වනඅලියාගේ අවසන් කටයුතු සිදුකල බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.

ඔඩ්ඩුසුඩාන් ඔදියමලෙයි ප්‍රදේශයේදී අදාල වන අලියා ඊයේ දින මිය ගොස් සිටියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව මුලතිව් වනජීවි කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් සහ ඔඩ්ඩුසුඩාන් පොලීසිය සිදුකරන ලද පරික්ෂණවලදී කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී වනඅලියා මිය ගොස් සිටි ඉඩම හිමි කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනඅලියාට විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවීමෙන් අනතුරුව වනඅලියාට විදුලි රැහැන් යොදා විදුලිසැර වද්දා මරණයට පත්කොට ඇති බවට වූ සැකය මතය.

මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ උසින් අඩි 08 ක් පමණ වූ අවුරුදු 20 ක් පමණ වයසැති දැවැන්ත වන අලියෙකු වන අතර මිය ගිය වන අලියාගේ අවසන් කටයුතු උතුරු පලාත් භාර වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,224 views

4 Comments to “දැවැන්ත වන අලියෙකුට විදුලිසැර වද්දවා මැරූ කාන්තාවක් අත්අඩංගුවට…”

  1. Saman says:

    අලි ප්‍රශ්නේ විසඳන්න දියවන්නාවේ ඉන්න කබ්බන්ට ඕනේ ත් නැහැ , මිනිස්සුන්ට අලින්ගේ කැලා ටිකට කෙලවනකල් ඉවසිල්ලකුත් නැහැ.

    කාටවත් වරදක් නොකළ අලි දුක් විඳිනවා ……………….

  2. Ali wisin minisun siya ganak maranawa. Depola winasa karanawa .un araksa karanawa minihek aliyek meruwoth eya hire danawa wada denawa.minis jeewithayakata giya kala .danduwam kalayutte rata karawana unta .sathunta wada.Minis jeewitha watinawa mage adahasa

    • LION says:

      බිලිපුජා කිරීමට ඇතින්නියන් 7 ක් මැරූ අපරාධකාරයෝ තවම අත්අඩංගුවට අරන් නැහැ …මේ කාන්තාව දේශපාලනයට සම්බන්ධ නැතුව ඇති ඉක්මනින් අත්අඩංගුවට ගත්තේ ..ඇයව සදහටම සිරගත කරනු ..දේපල රාජසන්තක කරනු අලි ඇතුන් මැරීම ජාතික අපරාධයක් මේකාන්තාව දමිළ නිසාද නම සදහන් නොකරන්නේ

  3. Athula says:

    74 වසරක පාලනයේ කෘර සහ අවිදිමත් යුගයේ උච්චතම අවස්ථාවට අපි ඇවිත්… ජනතාව බහුතරයක් රටේ වටිනාකම නොදන්නේ කාගේ වරදින්ද ? ලෝකයේ දියුණු රටක මේවගේ දේවල් හිතන්න වත් බැහැ ඒවගේ සාමාන්‍ය ජනතාව කොතරම් ආදරේ ද වනසතුන්ට ගහ කොළට සතසීපවට පරිසරයට.. නිවැරදි අද්‍යාපනයක ප්‍රතිපල නේද ?

Main News