දැවි තෙල් නෑ.. විදුලි කප්පාදු කාලය තවත් ඉහලට…

March 28, 2022 at 4:40 pm | lanka C news
දැවි තෙල් නෑ.. විදුලි කප්පාදු කාලය තවත් ඉහලට…

තාප විදුලි බලාගාරවලට අවශ්‍ය වන දැවිතෙල් නොමැති වීම නිසා දැනට සිදු කරන විදුලි කප්පාදුව තව තවත් ඉහළ දැමීමට සිදුවන බව විදුලි තෙල් හා වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව නවතා දැමීමත් සමග එහි නිපදවූ දැවි තෙල් ප්‍රමාණය අහිමි වී තිබෙන බවද එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

දැනට රට තුළ ඇති දැවි තෙල් ප්‍රමාණය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බවත් පැවසූ ඔහු විදුලි කප්පාදුව ඉහල දමා යම් දැවි තෙල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බවත් පැවසීය.

ඒ අනුව ඊයේ දිනයේ දී අතිරේකව යම් යම් ප්‍රදේශවල වැඩිපුර පැයක කාලයක් විදුලිය කප්පාදු කර දැවිතෙල් ඉතුරු කර ගැනීමට උත්සාහයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය.

15,331 views

3 Comments to “දැවි තෙල් නෑ.. විදුලි කප්පාදු කාලය තවත් ඉහලට…”

  1. පුරවැසි දේපල says:

    අඩු මුදලට දෙන රුසියන් තෙල් ගත්තොත්, රුසියාවට ගුවන් යානා යැව්වොත් බලවතුන්ගේ ඇමෙරිකා පුරවැසිකම සහ ඇමෙරිකා දේපල අහිමි විය හැකිය.

    ඒ නිසා රටේ ජනතාව දුකට පත් කර, ජනතාව තෙල් පෝලිම්වල තබා බලවතුන්ගේ ඇමෙරිකා පුරවැසිකම සහ ඇමෙරිකා දේපල ආරක්ෂා කර දෙමු….

  2. Citizen says:

    Bad news all round. And sad to say this Government has got nothing positive to tell the country…

  3. සනත් ඉතාලිය says:

    අද රුමේනියාව වගේ රටවල් පවා අපේ ලන්කාව ගැන නිව්ස් දානව උන්ගෙ මීඩියාවල .අපි ලෝකෙ පුරාම ගිහින් ඉවරයි බන්කොලොත් රටක් විදිහට.ඒත් දුක කියන්නෙ මේ රට ඇතුලෙ ඉන්න වහල්ලු ටිකක් තාම හාම්පුතාල දෙන ගුලි කාල ලෝකෙ හැම රටේම මෙහෙමය හැම එකාම නොකා නොබී අලුතින් වාහනයක් නොගෙන ගෙයක් දොරක් නොහද කැප කිරීම් කරමින් පෝලිම් වලය ඒ නිසා අපි ඉන්න එක අවුලක් නෑය කියල මනෝරාජික ගොන් ආතල් ගන්නව.

Main News