දැව ජාවාරම් කරුවන්ට යුදහමුදාවෙන් වෙඩි…

March 3, 2021 at 5:30 pm | lanka C news
දැව ජාවාරම් කරුවන්ට යුදහමුදාවෙන් වෙඩි…

බලපත්‍ර නොමැතිව නීථි විරෝධීව දැව තොගයක් රැගෙන ගිය කැබ් රථයකට වව්නියාව ඕමන්ත මානික්කර් ප්‍රදේශයේ අද (03) යුද හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය පවසයි.

ඕමන්ත මාණික්කර් ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක සිට ධාවනය වූ කැබ්රථයක් යුද හමුදාව විසින් නැවැත්වීමට ගත් උත්සහයකදී අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී කැබ් රථයට වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.

ඕමන්ත ප්‍රදේශයේ පිහිටි 563 බළසේනා නිළධාරීන්ට නීති විරෝධි දැව ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීම් අවස්ථාවකදී අණ නොතකා ධාවනය කළ බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවට අනාවරනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,880 views
Main News