දැව ජාවාරම් කරුවන් වන රක්ෂිතය වනසයි..

September 29, 2019 at 2:10 am | lanka C news
දැව ජාවාරම් කරුවන් වන රක්ෂිතය වනසයි..

මුලතිව් මුල්ලියාවලේයි කොණ්ඩෙයිමඩු රක්ෂිතයේ පසුගිය දින කිහිපය තුල මහපරිමාණයෙන් දැව කපා තිබුනද ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හෝ වනසංරක්ෂණ නිලධාරීන් පියවර ගෙන නොමැති බවට මුල්ලියාවලෙයි ජනතාව කියා සිටිති.

කොණ්ඩෙයිමඩු රක්ෂිතයේ පසුගිය දිනයන්හි විශාල පලුගස් දහයකට අධික ප්‍රමාණයක් කපා රැගෙන ගොස් තිබුනද කිසිදු ජාවාරම් කරුවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර දිනෙන් දින රක්ෂිත කැලෑවන්හි දැව ජාවාරම් සිදු වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් කිසිවෙක් පියවර ගෙන නොමැති බවටද එම වැසියන් කියා සිටිති.

එමෙන්ම මුලතිව් රක්ෂිතයේ සිදු කෙරෙන ඇතම් දැව ජාවාරම් කෙරෙහි දේශපාලනික බලපෑම්ද ඇති බවටත් ඒ වෙනුවෙන් නීතියද යටපත් වී ඇති බවක් පෙනී යන බවටද මුලතිව්හි රක්ෂිත කිහිපයක මේ වන විටත් විශාල වශයෙන් ගස් කපා දැමීම හේතුවෙන් වන විනාශයක් සිදුව තිබීම මත ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවීමද විශාල ගැටලුවක් වී ඇති බවට මුල්ලියාවලෙයි වැසියන් වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views

One Comment to “දැව ජාවාරම් කරුවන් වන රක්ෂිතය වනසයි..”

  1. Upali says:

    කුමට මෙරට අධිකරණය නීතිය හා විණිසුරන්. නමට පමන යහපාලන රජ මැතිදුන් සිටිනකන්

Main News