දැව තොගයක් සමග ලොරියක් අත්අඩංගුවට..

September 8, 2019 at 2:02 am | lanka C news
දැව තොගයක් සමග ලොරියක් අත්අඩංගුවට..

පනාමුර පොලිස් වසමේ  ලක්ෂ දහයක් පමණ වටිනා දැව ප්‍රවාහනය කල ලොරියක් පනාමුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.09 දා පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

පනාමුර ජුල්කැටිය ප්‍රදේශයේ සිට මෙම දැව පැටවූ ලොරිය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී එම ප්‍රදේශයේදීම පොලිස් භාරයට පත් විය.

ඉතාමත් සූක්ෂම ආකාරයට පිටට දර පටවා ඇතුලත බුරුත කොට පටවා තිබිණි.පොලීසිය පවසන්නේ ඔත්තු බැලීම සදහා දැව ජාවාරම් කරු විසින් ස්ථාන කිහිපයක ඔත්තුකරුවන් කිහිප දෙනෙක් යොදවා තිබූ බවයි.මෙම දැව ජාවාරම දිගින් දියටම ඉතාමත් සූක්ෂම ආකාරයෙන්  සිදු කර ඇත.

ලැබුනු ඔත්තුවක් අනුව පොලීසිය සැගව සිට මෙම වැටලීම සිදුකර ඇත.මෙහිදී ලක්ෂ 8ක් පමණ වටිනා දැව අත් අඩංගුවට ග්ත අතර මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

– ප්‍රගීත් ජනක

1,157 Viewers
Main News