දිකක්සාද සහතිකය විමල් යලි සභාගත කරයි.. කතානායක කතා නෑ..

February 23, 2017 at 3:00 pm | lanka C news
දිකක්සාද සහතිකය විමල් යලි සභාගත කරයි.. කතානායක කතා නෑ..

තමන්ගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණු මන්ත‍්‍රී පස් දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කලේය.

2016 අපේ‍්‍රල් මස 06 වැනි දින පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තාවද අතැතිව ඔහු පෙන්වා දුන්නේ තමන් මීට පෙරද මේ බව පාර්ලිමේන්තුවේ කියා ඇති බවයි.

ඊයේ දිනයේ විරවංශ මහතා එසේ ප‍්‍රකාශ කරද්දී ඊට අභියෝග කල කතානයකවරයා හෝ සභානායකවරයා අද දිනයේ ඊට කිසිත් විරෝධය පෑමක් සිදු නොකලේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටත් කර ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තම පක්‍සය ඉවත් වුවද හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙග් ගොඩනැගෙන නව දේශපාලන පෙරමුණ සමග ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවද මන්ත‍්‍රීවරයා කියයි.

100 views