දිගට හරහට ජනාධිපති නීතීඥයන් පත් කිරීමෙන් නීතී ක්‍ෂෙත‍්‍රය කැළඹෙයි..

April 19, 2019 at 3:50 pm | lanka C news
දිගට හරහට ජනාධිපති නීතීඥයන් පත් කිරීමෙන් නීතී ක්‍ෂෙත‍්‍රය කැළඹෙයි..

ජනාධිපති නීතීඥවරුන් දිගින් දිගටම පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරයි.

සම්ප්‍රදායක් ලෙස ජනාධිපති නීතීඥ පත් කරන්නේ වසරකට එක් වතාවක් පමණක් වුවත් මේ වසරේ දී දෙවතාවක් දැනටම ජනාධිපති නීතිඥවරුන් පත්කර තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

ජනාධිපති නීතිඥයන් 25 දෙනෙකු මේ වසර මුලදී පත්කළ අතර ගිය සතියේදි තවත් 21 දෙනෙක් පත්කර තිබෙන බවත ඔවුන් කියා සිටිති.

එම නීතීඥ සංගමයේ සභාපති නිශ්ශංක නානායක්කාර මහතා පවසන්නේ මේ ආකාරයට ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම නිසා සමස්ත නීති ක්ෂේත්‍රයේ ප්‍රබල කැළඹීමකට ලක්ව ඇති බවයි.

42 views
Main News