දිගම්බරන් පොලිස් බලය ගනී.. එක ඇමතුමෙන් ඉහල පොලිස් නිලධාරියා එලවයි..

September 20, 2016 at 1:02 am | lanka C news
දිගම්බරන් පොලිස් බලය ගනී.. එක ඇමතුමෙන් ඉහල පොලිස් නිලධාරියා එලවයි..

පුස්සෑලැව පොලිස් සිරමැදිරියක තරුණයෙක් දිවි නසා ගැනීම නිසා පොලිසියට එරෙහි උද්ඝෝෂණයකදී එහි පැමිණි අමාත්‍ය පී. දිගම්බරන් උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පතිට දුරකථනයෙන් අමතා පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති වහාම මාරු කිරීම නියෝග කල අයුරැත් ඒ අනුව එම නිලධාරියා ගම්පොල පොලීසියට අනුයුක්ත කොට තිබීම ගැනත් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පල කරයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පොලිස් කොමිසමේ බලතල ඇමති දිගම්බරන්ට ලැබුනේ කවදාද ?

පුස්සෑලැව බල ප‍්‍රදේශයේ සිරමැදිරියක් ඇතුලත දිවි නසා ගත් තරුණයෙක් වෙනුවෙන් පොලිසියට එරෙහි උද්ඝෝෂණයක් දැකගත හැකි විය. එහිදී යහපාලනය වෙනුවෙන් කැප වුණු ප‍්‍රබල අමාත්‍යවරයෙකු වන පී. දිගම්බරන් මැතිතුමා විසින් එම උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පති තුමාට දුරකථනයෙන් අමතා ස්ථානාධිපති තුමා වහාම මාරු කිරීම නියෝග කරන අයුරු දැකගත හැකි විය. එහි ප‍්‍රතිඵලය විශේෂ රාජකාරි ලෙස ඔහුව ගම්පොල පොලීසියට අනුයුක්ත කොට ඇත.

තරුණයාගේ සිදුවීම අප හෙලා දකින අතර පසුගිය රජයට බැණ වැද 19 වන සංශෝදනය සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා පිහිටවා ඇති මොහොතක ඇමති දිගම්බරන්ට මෙසේ නියෝග දිය හැක්කේ කෙසේද ?

තවද තොන්ඩමන් පොලිස් ස්ථානවල යකා නැටු අකාරය අප දන්නා අතර මොහුද ඊට නොදැනිව ආකාරයට ක‍්‍රියා කිරීම යහපාලන ආණ්ඩුවකින් අප බලාපොරොත්තු දෙය නොවන අතර වහාම මෙය ඇමතිවරයාගේ ක‍්‍රියාකාලාපය ගැන රජයේ ස්ථාවර වහා රටට හෙලි කරන ලෙස අප ඉල්ලා සිටින අතර තවද පොලිස් කොමිසම ද මේ සම්බන්ධයන් පරීක්ෂණයක් සිදුකල යුතු බවද අප ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට,
ජාතික සංවිධායක – අසේල සම්පත්

55 views
Main News