දිග මීටර 400යි.. කන්ටේනර් 20,000 රැගෙන ලොව විශාලතම නෞකාව කොළඹ වරායේ..

October 23, 2017 at 12:40 pm | lanka C news
දිග මීටර 400යි.. කන්ටේනර් 20,000 රැගෙන ලොව විශාලතම නෞකාව කොළඹ වරායේ..

ලෝකයේ ලොකුම බහලූ ප‍්‍රවාහන නෞකාවක් පසුගිය දා කොළඹ වරායට සේන්දු විය. එය, මෙවන් නෞකාවක ප‍්‍රථම දකුණු ආසියානු ආගමනයයි. කොළඹ වරායේ CICT පර්යන්තයට සේන්දු වූ Mv Milan Maersk (මිලාන් මර්ස්ක්) නෞකාවේ ප‍්‍රථම ගමන සැමරීම හා මෙවන් නෞකාවක් දකුණු ආසියානු කලාපයට ප‍්‍රථම පැමිණීම සැමරීම සඳහා වන සමරු ඵලක හුවමාරුව CICT පර්යන්තයේ Mv Milan Maersk නෞකාව මතදී සිදුවිය. සමරු ඵලක හුවමාරුව සඳහා නෞකාවේ කපිතාන් ජෝග් වෑන් පීටර්සන් මහතා සමග ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ජාත්‍යන්තර බහළු පර්යන්තය (ක්‍ෂක්‍ඔ), ඵ්ැරින නෞකා ජාල සමාගම ද එක්වීය.

ලෝකයේ සුවිශාලතම බහළු නෞකාවලින් එකක් වන, මෙම Mv Milan Maersk නෞකාව මෙම වර්ෂයේ නිෂ්පාදනය කර ඇත. එය බහළු 20568 TEUක ධාරිතාවයකින් යුක්ත වන අතර, ටොන් 212400 ක් ප‍්‍රවාහනය කළ හැකි ය. සම්පූර්ණ දිග මීටර් 399 කි. පළල මීටර් 58 කි. නෞකාව ඩෙන්මාර්ක් ධජය යටතේ යාත‍්‍රා කෙරේ.

මෙම අවස්ථාවට සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතිගරු අතුල් කේෂාප් මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ නාවික මධ්‍යස්ථානයක් ලෙස ඉතා උසස් කාර්්‍යක්‍ෂම සේවාවක් ලබාදීම අගය කරන බවත්, එහි ප‍්‍රවර්ධනය සඳහා වන ඕනෑම කටයුතුත්තකට ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට එක් වන බවය.

ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා – සභාපති – ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, මේ අවස්ථාවේ සිය උණුසුම් සුභ පැතුම් Maersk සමාගම වෙත එක් කරමින් ප‍්‍රකාශ කළේ Maersk සමාගම විසින් කොළඹ වරාය කෙරෙහි තබා ඇති විශ්වාසයට ස්තුතිවන්ත වන බවයි. Maersk සමාගම කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා දක්වන දායකත්වය ඉදිරියේ දී ද අඛණ්ඩව ලබා දෙනු ඇති බවට ද විශ්වාසය ඵල කළේ ය.

මෙම අවස්ථාවට සහභාගී වූ Julian Bevis ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ (ඵ්ැරින ඉන්දියානු පුද්ගලික සමාගම (දකුණු ආසියානු කලාපය භාර* මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ වරාය සංවර්ධනය සඳහා ගෙන ඇති තරඟකාරී ක‍්‍රියාමාර්ග හේතුවෙන් ඉතා හොඳ සේවාවක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවයි.

නෞකාව සිය ප‍්‍රථම පැමිණීම සිදු කළේ සිය ගමනාන්ත මාර්ගයේ එක් මධ්‍යස්ථානයක් ලෙසය. මෙම නෞකාව උතුරු යුරෝපය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය හා ජර්මනිය දක්වා සිය ගමන් වාර සිදු කරයි.

Maersk සමාගම ශ‍්‍රී ලංකාවේ වසර 25 කට වඩා ඉතිහාසයක් සහිත සිය මෙහෙයුම් සිදු කරන සමාගමකි. සිය සමාගම යටතේ ඇති මෙවන් සුවිසල් නෞකා කොළඹ වරායට ගෙන්වීම තුළින් ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් එක්කර ඇත.

– කාව්‍ය ඉන්ද‍්‍රජිත්

158 views

2 Comments to “දිග මීටර 400යි.. කන්ටේනර් 20,000 රැගෙන ලොව විශාලතම නෞකාව කොළඹ වරායේ..”

  1. ඇමෙරිකන් යටත් වැසියා says:

    “…ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතිගරු අතුල් කේෂාප් …”

    අතුල්ට කෙසේ වෙතත් අතුල්ගේ යටහත් සේවකයින්ට හීනියට අතුල් පාරක් දීලද හිටං?

  2. samans says:

    Katada Adambra Nadda Arjuna …
    Hambanthota Nowikkoth Eeelanga paara ehatah ywawanawa ekak nadda ?

Main News