දිනකට ආසාදිතයන් සිය ගාණක්.. ජනතාව භීතියෙන්.. රට වසා දමන්න.. ආර්ථිකයට වඩා ජීවිත වටිනවා..

November 10, 2020 at 12:00 pm | lanka C news
දිනකට ආසාදිතයන් සිය ගාණක්.. ජනතාව භීතියෙන්.. රට වසා දමන්න.. ආර්ථිකයට වඩා ජීවිත වටිනවා..

රටේ ආර්ථිකයට වඩා මේ රටේ ජනතාවගේ ජිවිතය වටිනා බව මධ්‍යම පලාත් සහ ඌව පලාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ (10) දින විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මෛත්‍රි ගුණරත්න මහතා එ බව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

රට විවෘත කරලා තියෙද්දිත් ඇදිරි නිතිය පනවලා තියෙනවා වගේ තමයි තියෙන්නේ. ජන ජිවිතය සම්පුර්ණයෙන්ම ඇණ හිටලා තියෙනවා.

මේකට හේතුව තමයි දිනකට කොවිඩ් රෝගින් 300-400 වාර්තා විම , මේකත් සමග ආණ්ඩුවේ කිසිදු වැඩපිලිවෙලක් නැති බවත් පේනවා.

ජනතාව බියට පත් වෙලා තියෙනවා. ජනතාව වැඩට යන්න බයයි.

ආණ්ඩුව එක්කෝ රට වහලා මේ තත්ත්වය පාලනය කරන්න ඕනි , දිනෙන් දින කොවිඩ් රෝගින් 300 – 400 වාර්තා විම නිසා ජනතාව භියට පත් වෙලා ඉන්නේ.

ජනතාව අතරට ගිහින් තියෙනවා සෞඛ්‍යය අංශයට මේක පාලනය කරන්න බැ කියලා. සෞඛ්‍යය පහසුකම් නැ කියලා.

අපි ආණ්ඩුවට කියනවා මේක ගැන යලි සලකා බැලිමක් සිදු කරන්න කියලා.

දැන් දිපවාලි උත්සවය එලඹෙනවා , හුගක් වේලාවට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ආර්ථිකය රැගෙන යන්නේ වතුකරයේ ජනතාව එහි ඇවිල්ලා වැඩ කරන නිසා.

දිපවාලි උත්සවයට විශාල පිරිසක් වතුකරයට එනවා. මේ අයට කොවිඩ් පරික්ෂණයක් සිදු කරලද එවන්නේ?

මේ එන අයට කොවිඩ් වැලදිලා තිබුණොත් වතුකරයේ පොකුරු පිටින් රෝගින් වාර්තා වෙනවා කිසිදු සැකයක් නැ.

අද මේ රටේ සියළුම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ, සංචාරක කර්මාන්තය කඩා වැටිලා තියෙනවා , විදේශිය ආදායම් නැති වෙලා තියෙනවා , එකම ආදායම තමයි තේ කර්මාන්තය සහ බෝග වගා ආදායම පමණයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

වතුකරයට කොවිඩ් 19 පැතිරුණ හොත් තේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

ආණ්ඩුව මිට වඩා වගකිමෙන් වැඩ කරන්න ඕනි, කිසිද ඒකබද්ධ වැඩසටහනක් නැ. කොවිඩ් පාලනය කරන බවක් නම් පෙන්න නැ.

අණ්ඩුවට කොවිඩ් 19 පලවෙනි රැල්ල පාලනය කරගන්න පුළුවන් වුණා.

දෙවනි රැල්ල එනකොට සිසිකඩ පැතිරිලා තියෙන්නේ , ගොවින්ට එලවළු ටික විකුණගන්න බැරිවෙලා තියෙනවා.

ඇයි ආණ්ඩුවට බැරි උඩරටින්  කොළඹට යන එලවළු ප්‍රදේශයෙන් ප්‍රදේශයට බාගෙන ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න.

එලවළු ගොවින්ට එලවළු විකුණගන්න බැ , පාරිභෝගිකයන්ට එලවළු මිල දි ගන්න බැ.

ගොවින් විශාල කැපවිමක් කරලා තමයි වගා කරන්නේ , එ එලවළු පාඩුවට විකුණන්න වෙලා තියෙනවා.

එ නිසා ඒ ගොවියා ආපසු වගා කරයිද? බෙහෙත් නැ පොහොර නැ .

ජනාධිපතිවරයාගේ ස්ථාවරය හරි , නමුත් මිනුවන්ගෙඩ සහ පැලියගොඩ පොකුර පැතිරෙන්න දිලා අපිට කොවිඩ් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ කිව්වම හරිද?

බස්නාහිර පලාතේ නම් වෛරසය පැතිරිලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම සති දෙක තුනකට වහන්න ඕනි.

අනෙකුත් පලාත් වලත් පාලනය කරන්න ඕනි. නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි.

ක්‍රමවේදයක් නැ, කොවිඩ් රෝගින් 10 වගේ ඉන්න දිස්ත්‍රික්ක වල නම් එම දිස්ත්‍රික්කයට පිටින් එන්න  නොදි දෛනික කටයුතු කරන්න පුළුවන්.

ජනා කිර්ණ ප්‍රදේශවල මිට වඩා වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.

රොගින් දිනකට පහක් හයක් වගේ නම් හමුවෙන්නේ අන්න එතකොට රජයට කියන්න පුළුවන් කෙවිඩ් සමග ජිවත් වෙන්න වෙන්නේ කියලා කියන්න.

ආණ්ඩුවේ නොසැලිකිලිමත්කම නිසා තමයි කොවිඩ් දෙවනි රැල්ල ඇති වුණේ.

කොවිඩ් සම්බන්ධයෙන් තව ජනතාව දැනුවත් කරන්න ඕනි.

ආර්ථික කඩා වැටුණත් ජිවිතය තමයි වැදගත් , ජිවත් වුණොත් ආර්ථිකය නගා සිටුවන්න පුවළුන්.

දැඩි පාලනයක් සිදුකලොත් මේක පාලනය කරගන්න පුළුවන්.

දෙවනි රැල්ල ඇති වුණේ ඉන්දියාවෙන් මෙරටට පිරිසක් ගෙනාපු නිසානේ. එවා පාලනය වුණානම් මේක ඇති වෙන්නේ නැ.

කොවිඩ් 19 දැන් සමාජගත වෙමින් තියෙනවා. මිනුවන්ගෙඩ පොකුරු හංගගෙන මාස 1 ½ විතර තියාගෙන හිටියා. යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ

69,729 views

29 Comments to “දිනකට ආසාදිතයන් සිය ගාණක්.. ජනතාව භීතියෙන්.. රට වසා දමන්න.. ආර්ථිකයට වඩා ජීවිත වටිනවා..”

  1. දේවක says:

    මමනම් හිතන්නේ අපි මාර්තු 19 සිට මැයි අග වන තෙක් රට පවත්වාගෙන ගිය විදිහට කරන්න ඕනෑ. චීනයේ කොරෝනා තියෙද්ද අපි හුගක් පරිසසම් වුනා. දැන් ලංකාවෙ තියෙනකොට ඒ පරිස්සම නැහැ. දැන් ඇදිරි නීතිය තිබුණත් මිනිස්සු මහ පාරේ. පුදුම වැඩක්නේ?
    නීති දැඩි ලෙසම ක්‍රියාත්මක කරලා රට මාසයක් වැහුවානම් අපිට ගොඩවෙන්න පුළුවන් කියල මට හිතෙනවා. හමුදාපති තුමාටයි. අජිත් රෝහණ මහත්තයාටයි වැඩේ භාරදීලා රජය ටිකක් ඈත්වෙලා හිටියනම් වැඩේ ගොඩ මට හිතෙන්න‍ෙ

    • ගමේ හාදයා says:

      මේ අස්සේ ළමයි ගෙන්නල සමහර විශ්වවිද්‍යාලවල විභාගත් තියනවලු. 3 කියන්නේ මේවා වහල තියන්න ඕන වෙලාවක්.

    • ගමේ හාදයා says:

      මේ අස්සේ ළමයි ගෙන්නල සමහර විශ්වවිද්‍යාලවල විභාගත් තියනවලු. Alert Level 3 කියන්නේ මේවා වහල තියන්න ඕන වෙලාවක්.

  2. RED BULL says:

    මේ මෛත්‍රී අර මෛත්‍රීගේ නිර්මාණයකි.පිලුණුු වූ ෆ්‍රයිඩ් රයිස් එකක් වැනිය​.

  3. Kelegama says:

    Anduwa election eka wenuwen janathawage baya nethikara.

  4. MDN says:

    Podi minihata business ekak karanna hari rate janathawa neerogiwa inna one. Minissu parata yanne naha me rogayata thiyena bayata. Namuth rajakariyata yanawa rassawa nathiwei kiyana bayata. Mekata ikmanin ratathula sancharanaya nawathwanna one. Please …..

  5. Nilame says:

    Country lockgown just temporary reduce numbers,but damage to the economy is severe ,however we should complance with safety protocol given by authorities ,as stated by WHO corona will last another two years.Additionally,look at India ans rest of other countries , they don’t go for lockgown!

  6. rata hadamu says:

    ඔබතුමා හරියට හරි මේ වන විට 36 දෙනෙක් පමණ මැරිලා,අසාදිතයින් ම්ය්ලු ගණන 13000 ත් ඉක්මවා ගොස් ,පොලිස් නිලධාරින් 460 කටත් වඩා ආසාදීත වී,හමුදාවේත් සැලකිය යුතු පිරිසක් අසාදිත වී,බස්නාහිර ඇඳිරි නිතිය ඉවත් කලත් ජනතාවට නිවෙස් වලට වී ඉන්න කියමින්,පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නිතිය දමා ,දිනපතාත් ප්‍රදේශ තුන හතරක් ලොක්ඩවුන් කරමින්,ගගට මුට්ටි දමා වැඳගෙන ඉඳිමින් ආණ්ඩුව මේ කෙලින පිස්සුව නිසා දිනකට මරණ හත් අටසිය සිඳු වෙන්න ගත්තොත් නම් ජනතාවගේ රතු කට්ටත් පන යා හැකි බවට අපි මේ තුප්පහි මෝඩ තකතීරු ආණ්ඩුවට අනතුරු අඟවමු.එතරම් අතිභයානක තත්වයකට රට පත් උනොත් එදාට ඔය දාන්න බහ කියන ඇඳිරි නිතිය මුළු රටටම දාන්නේ කෙසේද?මිට පෙර පළමු රල්ලේදීත් ජනපති කයිවාරු ගැහුවේ කොරෝනා 50 ක් තිබුනට මම රට වහන්නේ නැහැ කියල උනත් පසුව මුළු රටටම ඇඳිරි නිතිය දැම්ම.බස්නාහිරට මාස දෙකහමාරක් පමණ එක දිගට ඇඳිරි නිතිය දැම්ම,ඒ අවස්ථාවේ සමාජය තුල කොරෝනා අසාදිතයින් හමු නොවෙද්දීත්.අපි කියන්නේ එතරම් කලකට ඇඳිරි නිතිය දාන්න නොවෙයි උපරිම වශයෙන් සති දෙහෙකට පමණක් ඇඳිරි නිතිය දමා ,ඉතාම පරික්ශාකාරිව සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වා ගනිමින්,පාර්ලිමේන්තුවත් සති දෙහෙකට වසා,එදා වෙව්ල හම්බුකරගෙන කන දුගී ජනතාව ග්‍රාම සේවා වසම් මට්ටමින් හඳුනාගෙන ඔවුන්ට සති 02 කට සෑහෙන්න නොමිලයේ වියලි ආහාර මල්ලක් නිවසටම යවා,ක්‍රිකට් මැච්,උපන්දින සැමරුම් සහ පදවි සම්ප්‍රාප්ත උත්සව කල් දමා මේ කාලකන්නි වසංගතය රටින් අතුගා දමන ලෙසයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැත.

  7. Helaya says:

    Aiyo Sirisena…. Sirisenas last will…. Hahhahha Get a life man… Looser….

  8. ගමේ වෙදා says:

    කොරෝනාව මර්ධනය කිරීමට නම් පලමුව ජනතාව අතර භීතිය වපුරා කුලප්පු කරන මෙවැනි දේශපාලන හිකනලුන් ඇට දෙකෙන් එල්ලා තැබිය යුතුයි

  9. Kevin says:

    ඇත්තටම මේ වෙලාවේ අපි හැමෝටම වටින්නේ මිනිසුන් ගෙ ජීවිත. තමන්ටත් මේ තත්ත්වය ලගාවීමේ ඉඩ වැඩි බව හැමෝම තේරුම් ගන්න ඕන.

  10. siri says:

    moota UNP eken monawath nathinisa hitanta ekathuwela hitiya dan yanadihawaka palako rajaya giniyanna president innawa.

Main News