දිනකට උණ රෝගීන් හත්දාහයි… සතියකට ඩෙංගු රෝගීන් අටදාහයි.. ඩෙංගු රෝගීන් 110,000යි..
July 28, 2017 at 5:30 pm | lanka C news
මේ වන විට දෛනිකව උණ රෝගීන් 7000ක් පමණ රජයේ රෝහල්වලට වාර්තා වන බවත් සතියකට ඩෙංගු උණ රෝගීන් 8000ක් පමණ වාර්තා වන බවත් සෞඛ්‍ය අංශ වාර්තා සනාථ කරයි.
2017 වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 110372ක් වාර්තා වී ඇති අතර 300ක් පමණ පිරිසක් මිය ගොස් ඇත.
ජූනි-ජූලි මාස දෙකේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 48805කි.