දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..

September 19, 2021 at 5:30 pm | lanka C news
දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..

කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. එම රටවල රාජ්‍ය නායකයින් හා සෞඛ්‍ය අංශ හා සංචාරක බළධාරින් දැනුවත් කිරීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පැවති සාතච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනයේ ශ්‍රවණාගාරයේ දීයි.

මේ වන විට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පණවා ඇති අතර බ්‍රිතාන්‍ය පසුගිය දා ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කළේය. පසුගිය කාලය තුළ මෙරට කොවිඩ් පැතිරයාම සැලකිල්ලට ගනිමින් මෙම රටවල් මෙම සීමා පණවා තිබේ. මෙම සාකච්ඡාවේ දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඒ ඒ කළාප භාර නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දුන්නේ  එම රටවල් වල පවතින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී බාධා ඇති බවයි. එමෙන්ම මෙරට ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙරටට සංචාරකයන් පැමිණීම සීමා වීමට හේතු වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය බළධාරීන් සමග සාකච්ඡා කර සංචාරකයින්ට  බලපාන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙරට කොවිඩ් එන්නත්කරණ  වැඩ සටහන ආරම්භ වීමට පෙර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සැකසු ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත පෙන්වා දුන් බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටියේ ය. මේ වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් 50%කට අධික පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබේ. ලෝකයේ බොහෝරටවල් මේ වන විට සංචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර කොවිඩ් වසංගතයෙන් ද ආරක්ෂා වෙමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යනු ලබයි. ඒ පිළිබදව ද අධ්‍යනය කර ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යා හැකි වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය බළධාරීන් එකගත්වය පළ කළ බව ද ඇමතිවරයා කීවේය.

කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය යළි දියුණු කිරීමේ දි සංචාරකයන්ගෙන් මෙරට ජනතාවටත්, මෙරට ජනතාවගෙන් සංචාරකයන්ටත් එය පැතිර යාම වැළැක්වීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 40,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන්ගෙන් කොවිඩ් අසාදිතයන් වාර්තාවුණේ 270 ක් පමණක් බවත් පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා රටවල ඉදිරියේ දී එළඹෙන ශිත සෘතුවත් සමග මෙරටට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ඉදිරි මාස තුනක කාලය තුළ අවම වශයෙන් දෛනිකව සංචාරකයන් 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉදිරි වසර වන විට දිනකට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 5000 ක ඉලක්කය සපුරාගැනීමට අවශ්‍ය ලෙස සංචාරක ප්‍රවර්ධන කටයුතු සැලසුම් කරන ලෙසත් ඇමතිවරයා නිළධාරීන්ට මෙහි දී උපදෙස් දුන්නේය. ඒ සදහා නිර්මාණශීලි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද පූර්ණ එන්නත්කරණය සාර්ථකව සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයන් අතර  ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දුන්නේය.

‘ ප්‍රවර්ධන කටයුතු මොනතරම් කළත් වැඩක් නෑ ප්‍රතිඵලයක් නැත්නම්. ඒ නිසා නිදහසට කරුණු අවශ්‍ය නෑ. ඉලක්ක සපුරා පෙන්වන්න.‘ ඇමතිවරයා නිළධාරීන්ට කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

13,101 views

15 Comments to “දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..”

  1. Amda says:

    රටේ දැනට නැති වර්ග ගේන්න එපැයි..නෙහ්???

    • ගයාන් says:

      දන්න හැම මගුලක්ම කරලා සංචාරකයො ටිකක් ගෙන්නගෙන ඒ ක්ෂේත්‍රයේ රස්සා ටික ආරස්සා කරලා, මේ වෙලාවේ අත්‍යාවශ්‍ය ඩොලර් ටිකක් ගෙන්නගන්න හදන කොට ඔය වගේ කාලකන්නි කතාවක් කියලා මිනිස්සුන්ව අවුස්සන්න හදන කාලකන්නි රටට සාපයක්.

    • Nalin says:

      ප්‍රසන්න ඇමතිතුමාගේ උත්සාහය අගය කල යුතුයි. නමුත් මේ සංචාරකයින්ගෙන් අපේක්ශිත විදේශ විනිමයක් බලා පොරොත්තු වෙන්ඩ බෑ .මෙය විදේශ විනිමය අපේ රටට අත්‍යවස්‍ය මොහොතක්. නමුත් මේ ලැබෙන සොච්චම් විදේශ විනිමයෙන් තක්කඩි දේශපාලුවෝ අබුදරුවන් සමග බුරුතු පිටින් අනවස්‍ය විදේශ සංචාරවල යෙදෙනවානම්. එවැනි තක්කඩි දේශපාලුවන් ජනතාවා පිලිකුල් කරනවා. මේ අවස්තාවේ තිදෙනෙක් පමනක් සහබාගි කරවාගෙන ඉතා වැදගත් සංචාරක නිරත වන ජනාධිපති තුමාට ජාතියේ ප්‍රණාමය් හිමිවනවා. විශේෂයෙන්ම මේ අවස්තාවේ නිහතමාණී ජනාධිපති ආර්යා අනෝමා රාජපක්ෂ මැතිණිය ගවුරවයෙන් සිහිපත් කල යුතුයි .ඇය කිසිදිනක මහජන මුදලින් තම පුද්ගලික කාර් ය මංඩලයක් තබා ඇගේ වියදම් පවා දරා ගන්නේ ඇය විසින් .

      • Alapaluwa ( original ) says:

        ලබන පාර අනෝමා ගේමු. සුන්දර නිහතමානී ජනාධිපතිනිය.
        Alapaluwa සෞදි අරාබියා ඔටු කොටුවේ සිට

  2. කැලණියේ නයා says:

    මචෝ ප්‍රසා මේක විහිලු කරන ලණු දෙන බයිට් කරන වෙලාවක් නෙමේ අම්බානට කෙලම වෙලා ඉන්න කාලෙ අසරණ බයියොන්ට මේ වගේ ලණු ආතල් දෙන්නෙපා එහෙන් ජොනිය කියනව උතුරන්න සල්ලිලු මෙහෙන් ගම්ම කියනව මන්නාරමේ තෙල් මතු වෙලාලු මෙහෙන් පන්දහක් ගෙන්නන්න කතාව මේ ආතල් ගිලින අසරණ බයියා බඩට බත් නැතුව කොරෝනා ලෙඩ ඇදේ ඉදන් හීන දකිනව පව්.

    • MM says:

      හින දකින එක කමක් නෑ කියමුකෝ උඹ වගේ බත්බැලයෝ හැ..නෙන හැටි දැක්කම දුකේ බෑ බං

  3. සුදු කෙස් ඇති පිස්සු වඳුරා says:

    මේ ගොන් කාලකන්නියා ….මුලින්ම සංචාරකයෝ ගේනවා කියලා යුක්රේන් වලින් ගොන් බඩු ගෙනල්ලා…රටට කෝවිඩ් වැඩි කෙරුවා …ඊට පස්සේ මූ හින්දා ඉන්දියාවෙන් එනවා හැමදාම …පස්සේ අපි හොයල බැලුව මොකද මූ මෙච්චර දඟලන්නේ සංචාරකයෝ ගේන්න කියලා …කටුනායක එයාර්පෝට් එකට දාල ඉන්නේ මුගේ හෙංචයියෝ….සේරම ටෙස්ට් කරන්නේ මුගෙ එවුන් …හැම එකෙන්ම මූට කොමිෂන් එකක් එනවා…ඒකයි මූ මෙච්චර දඟලන්නේ…ආයෙම මේ වගේ කාලකන්නින්ට ආයෙම ඡන්දෙ දෙන්න එපා….අච්චර අහිංසක හොඳ වැදගත් රටට වටින මිනිස්සු මැරෙන එකේ මේ වගේ අපතයෝ මැරිල යන්නෙ වත් නෑනේ…අපිටම පව් ගෙවන්න ඉන්නවා …

    • ගයාන් says:

      පාටලීගෙ එවුන් තරම් බොරුව සමාජගත කරන්න දක්ෂයො ලෝකෙවත් ඉන්නවද දන්නෙ නෑ..

  4. ගෞම් ඊයාරාජ් says:

    එකාට ඩොලර් 1000 ගානේ ලන්සුවක් දාලා මිලියන 6.9 ක් වූ වහල් පරපුර , වහල් වෙලදාම හරහා අවශ්‍ය රටවලට ඔන්ලයින් මාර්ගයෙන් විකුනන්න බැරිවෙයිද ?වැඩි උනත් අවම ලංසුව ඩොලර් 1000 හොදයි , ඩොලර් මිලියන 6900 ක් වගේ උපයගන්න පුලුවන් විදේශ සංචිත තර කරන්නත් පුලුවන් සහ රටේ ඉදිරි ගමනටත් සැහෙන්න පිටිවහලක් වේවී. හා නැද්ද ?

    • කට කහනවට says:

      ඔය වගේ බූරුවෙක් නම් රුපියල් 100 කට වත් දී ගන්න බැරි වෙයි.

  5. Silva says:

    අනිවාර්යෙන්ම සංචාරක වියාපාරය ආරම්භ කල යුතුයි.

  6. 2÷o says:

    Prasa lankawe satthu tika kala tika wave tika kadu maha kalu gal vinasha karannatiwa hitapalla ubala genwanna one na ea aya enawa..dan balapan ara mala hora kiyala genna gena nawak gini lawa sayurama vinasa un toristla me dushita muhuda balanna eiyda.na un yanawa tailand

  7. කට කහනවට says:

    ඔය වගේ බූරුවෙක් නම් රුපියල් 100 කට වත් දී ගන්න බැරි වෙයි.

    • Alapaluwa says:

      ප්‍රසන්න ඇමතිතුමාට බූරුවා කියන්න තෝ මොන හිකනැලෙක්ද?

Main News