දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න..

August 13, 2021 at 12:40 pm | lanka C news
දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න..

කොරෝනා මරණ ප්‍රමාණය ඉලක්කම් තුනක සීමාවකින් නවතා ගැනීම නම් දැන්ම රට වසා දැමිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එසේ නොකොට සැප්තැම්බර් මාසයේ දිනකට ඉලක්කම් 4 මරණ සංඛ්‍යාවක් අත්විඳිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

අද වන විට ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස ගිල ගනිමින් ඇති බවත් එනිසා අවම වශයෙන් සති 2කට වසා දමන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර්, මොඩානා වැනි ශක්තිමත් එන්නත් පමණක් ජනතාවට ලබාදීමට දැන්ම සැලසුම් සකස් කරන ලෙස ඔහු යෝජනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

48,705 views

21 Comments to “දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න..”

  1. MD says:

    රට වහන්න ඉස්සෙල්ලා කට වහන්න බයිලා කියන්නේ නැතුව.වැහුවම මිනිස්සු ටිකක් අරගෙන පාරට ඵයි කන්න නැ බොන්න නැ කියාගෙන.අසමද්ජාතී දේශදෝහියෙක්.රට ජිනීවාහිදි අන්ත අසරණ තත්වයකට පත්කලා සුදුකොඩි කථා කියලා.දැන් සුදනෝ වෙන්න හදනවා.

  2. Agbo says:

    නවසීලන්තයෙ අපි රැකිල ඉන්නෙ ආණ්ඩුවේ පුළුවන් කමට වඩා මිනිසුන්ගේ හික්මීම නිසයි. ඒ හින්දා ලංකාවේ ආණ්ඩුවට බැනල වැඩක් නැහැ සවයං හික්මීම ලංකාවේ මිනිසුන්ටට නැත්නම්

  3. Silva says:

    රට වැහුවාම ඔබතුමා මිනිස්සුන්ට කන්ඩ දෙනවද ? හිටපු හමුදාපති කෙනෙක් නේද ? ඔහොම බයේ පුලුවන් ද ?

    • සෙනෙවිරත්න says:

      බූරු සිල්වො, දැනගන්, හමුදාව බයනැත්තෙ ආයුධ අරගෙන එන සතුරන්ට මිසක් නොපෙනෙන වෛරස් වලට නොවේ. උඹගෙ ලොක්කට කියපන් වෛරසයට වෙඩිතියන්න අණකරන්න කියල සවේන්දරට

  4. සවාධීන says:

    රටේ ගරුත්වයක් තියෙන මනුස්සයෙක් සරත් ෆොන්සේකා කියන්නේ.

  5. 3% ට බය බයියා. says:

    බිලි පූජාවේ ගාන එනකම් වහන්නේ නැහැ සර්.

  6. Anju says:

    White flag will blame govt. even when he gets constipated…same as his friends…pachaya, toilet mouth, pad mam etc.
    This is after encouraging teachers / others to have large scale protest campaigns.

  7. ගන්ජ බන්ඩා says:

    එදා වේල හම්බ කරන් කන අපි ඇදිරි නීති දැම්මම කන්නෙ ඇට දෙකද?

  8. මෙච්චර බය මෙයාද රටේ යුද්ධ හමුදාපති තනතුර දැරුවේ.

  9. Ruhdtug says:

    Kavuda do rata vahanda kiyanne???

Main News