දිනන්න බැරි නිසා නාම යෝජනා දුන්නේ නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- වෙල්ගම
October 8, 2019 at 2:10 pm | lanka C news
තමන් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දුන්නේය ස්වාධීනව තරග කර ජය ගැනීමට නොහැකි නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතුය යන ස්ථාවරයේ තමන් දැඩි ව සිටින බව ද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දුනහොත් තමන් කෙටි කාලීනව දේශපාලනයෙන් විවේක ගන්නා බවද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ ද නාම යෝජනා පත්ර භාර නොදීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.