දිනන ලකුණු පොහොට්ටුවයි.. ලොකුම පක්‍ෂය පොදුජන පෙරමුණයි.. ශ‍්‍රීලනිපය අතහැර මුතුහෙට්ටි පොහොට්ටු වන්දනාවේ..

February 9, 2020 at 3:23 am | lanka C news
දිනන ලකුණු පොහොට්ටුවයි.. ලොකුම පක්‍ෂය පොදුජන පෙරමුණයි.. ශ‍්‍රීලනිපය අතහැර මුතුහෙට්ටි පොහොට්ටු වන්දනාවේ..

අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එනිසා දිනන ලකුණු වන්නේද අන් කිසිවක් නොව පොහොට්ටුව බවද ඔහු සඳහන් කරයි.

තමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ළඟට යන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙවර මැතිවරණයේදී ගාල්ලට පැරිෂුට්කාරයන් ගෙන ආවහොත් ඊට විරුද්ධව අරගල කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

159 views

13 Comments to “දිනන ලකුණු පොහොට්ටුවයි.. ලොකුම පක්‍ෂය පොදුජන පෙරමුණයි.. ශ‍්‍රීලනිපය අතහැර මුතුහෙට්ටි පොහොට්ටු වන්දනාවේ..”

  1. suminda says:

    me mooda badathadiya gedara yawanna one me chanden. eka aniwaryayen wenawama thama. dan minissunta hondata therila thiyenne munge tharama. thope boru rangapaam me gamana hari yanne naha… gedara yanna lasthi weyan..MUTHUHETTIYO.

  2. 77 UNP says:

    මූ පැරිෂුට් කාරයෝ කියන්නේ වියත් මගේ වියතුන්ට වගෙයි පෙනෙන්නේ. මී හරකෙකුගේ වගේ ඇඟ තියන මෙවන් අපතයෝ ගැලපෙන්නේ ආප්ප සිරාටම මිස පොහොට්ටුවට නොවෙයි. ගාල්ලේ බුද්ධිමත් මිනිසුන්ට චන්දෙ දෙන්න සුදුසු වියතුන් 2-3 අපේක්‍ෂක ලැයිස්තුවට දමන්න ඕන.

  3. Aurora says:

    කවුරුත් එකතුවෙලා අපේක්‍ෂක ලැයිස්තු වල අපේක්‍ෂකයින් සංඛ්‍යාව කොට්ටාශයේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව මෙන් දෙගුණයක් කරණ එක මරගන්නවට වඩා හොඳයි.

Main News