රටට සෙත්පතා පීකරයකින් පිරිත් දැම්මයි අසල්වැසියා පොල්ලකින් හිමියන්ට පහර දෙයි…

July 5, 2021 at 12:40 pm | lanka C news
රටට සෙත්පතා පීකරයකින් පිරිත් දැම්මයි අසල්වැසියා පොල්ලකින් හිමියන්ට පහර දෙයි…

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා විකාශය කළේ එයයි කෝපයට පත් පුද්ගලයකු විසින් විහාරස්ථානයක හිමිනමකට පොල්ලකින් සහ අතින් පයින් පහර දී ඇතැයි වාර්තා වේ.

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ඇල්පිටිය, වල්අඹගල, බෙරලියමගලාන, සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසි හිමි නමක් බවයි.

ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඇල්පිටිය රෝහලට ඇතුළත් වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පවතින වසංගත තත්වය හේතුවෙන් රටටත් ජනතාවටත් සෙත්පතා දිනපතා උදේ හවස ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනාව විසුරුවා හරිමින් සිටින බවත් එය නවතා දමන ලෙස සැකකරු විසින් කිහිප විටකදීම තර්ජනය කරන ලද බවත් හිමියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

තුවාල ලද හිමියන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල පවසයි. පහරදුන් සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

33,550 views

70 Comments to “රටට සෙත්පතා පීකරයකින් පිරිත් දැම්මයි අසල්වැසියා පොල්ලකින් හිමියන්ට පහර දෙයි…”

  1. පොඩි එකා says:

    ලවුස්පීකර් දමා මහ හඬින් බලෙන් සෙත් පතන්නට පුලුවන් කියා හිතන්නේ බුදුන් ව නොහඳුනන අන්තවාදී අන්ධ බාල බකපණ්ඩිතයින් කොටසකි. උන් සාසනය විනාස කරන්නට උපන් එවුන් වෙති.

    ඒ භාගයවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දක්නා නුවණින් යුතු වූයේ, අනන්ත ඉර්ධි ඇති වූ සේක. නමුත් කිසි විටෙක උන්වහන්සේගේ හඬ ඒ ධර්මය අසන්නට පැමිණ සිටින පිරිස ඉක්මවා නොයන ලෙස පතුරුවන සේක.
    ඉතින් උන්වහන්සේට ඕනෑ උනා නම් දස දහසක් සක්වල ගිගුරුවා ඒ හඬ පතුරුවන්නට පුලුවන් කම තිබියදීත් එසේ නොකලේ ඇයි කියා මේ අද කාලයේ ඉන්නා ලවුස්පීකර් පිස්සෝ නොසිතති. මේ ගොං නාම්බෝ හිතන්නේ එදාට වඩා කදිම තාක්සෙනයක් අද ඇති නිසා පීකර් දැමීම හොඳ බවත්, පීකර් නොතිබුණු නිසා ඒ කාලේ එහෙම උන බවත් ය. පීකර් නැත්තං බුදුන් ද අසරණ වේ ය කියා හිතන තුහ් නොදකිං මුං ගේ සද්ධාව.

    මේ ලවුස්පීකර් හැතිකරේ අද මහ හඬින් දාන සූත්‍ර දේශනා ඒ කාලේ බුදුන් වහන්සේ ඉහත ආකාරයට මධුර ස්වරයෙන් අසනු කැමති පිරිසට පමණක් අසන්නට ලැබෙන සේ දේශනා කල ඒවා ය.
    නමුත් අද මේ කාලකණ්ණි සෙටප් එකේ ප්ලේ කරන්නේ හක්කේ බුලත් හිරකරං මෙලෝ දෙයක් නොතේරෙන ලෙසට නොනවත්වා කෑ ගහන රා…රා… රෝ…..රෝ……රෝ…. හඬකි. ඒවා අසන්නට බල්ලෙක් වත් නැත. සෙටප් එක දමා හාංදුරුවා පෝන් එකේ පේස්බුක් යයි. නැතිනම් දායක මහත්තුරු සමග කයියක් දමයි.
    ඒ උතුම් දේශනා වලට නිගරු කරන ප්‍රමාණය නිමක් නැත. බුද්ධ භාෂිතය හක්කේ බුලත් පුරවාගෙන ඇද ඇද පැය ගනං කියන්නේ කියන එකා හෝ අහන එකා ඒ කිසිවක් ගැන අල්ප මාත්‍ර හෝ දැනුමක්, සාදරයක් නොමැතිවයි. ඒ සාසන පරිහානියයි. බුදුන් වහන්සේ ඒවා දේශනා කලේ මිනිසුන් ට පිලිපදින්නයි. මේ ගොං හැත්ත කරන්නේ ඒ සූත්‍ර වලින් කියන කාරණා පිලිපදින එක වෙනුවට ඒවා රෙකෝඩිං පාරක් කන පැලෙන්ඩ දාලා සෙනිකව ගොඩ යන්න ට්‍රයි කිරීමයි.

    බණ අසන්නට, පිරිත් අසන්නට මිනිස්සු පලමු කොට ජීවත් විය යුතුයි. නිදාගන්නට, ලෙඩෙකුට නිදහසේ නිදාගන්නට ඉඩ දිය යුතුයි. සත හට කරුණාවෙන් පිරිත් කියන්නට ඒ පන්සල් වල එකෙක් වත් නැත. ලවුස්පීකරෙං සිඩී එක ප්ලේ කර කැරම් ගහන චීවරදාරියෝ හතර වටේම ඉන්නා මිනිස්සුන්ට කරදර කර අහින්සාවේ ඉගැන්වීම ලොවට දුන් ශාන්තිනායකයාණන් වහන්සේ ගේ ප්‍රතිපදාව අමු අමුවේ කෙලෙසති.

    ටීවී රේඩියෝ ඉස්මාට් පෝන් වයිපයි ඩේටා හැම ගෙදරම. අවශ්‍ය අය බණ පිරිත් රිසි සේ අසත්වා.

    ධර්මය කෙරේ සිත පැහැදුනු සත්පුරුෂයින් ගේ චිත්ත තරංග ලොව පුරා පැතිරී ශාන්ති ය උදා වේවා.

    ඒ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ භාෂිතය ට මාගේ නමස්කාරය වේවා.

    ඔය පීකරේට යි ප්ලේයරේටයි වැහි නැති හෙන ගහත්වා.

    චිරං තිට්ඨතු සාසනං

    • කරුමක්කාරයා says:

      උඹේ කමෙන්ටුව අපේ පන්සලේ මහ එකාට හීනෙන් හරි පෙනෙන්ට ඕනෑ බන්

    • Elvis says:

      Well said👍

    • Sasrasi says:

      හරිම ඇඇත්ත . ඔබට පිං ..

    • country man says:

      Some of these Buddhist priests are taking every body for a big ride. First, this loud speaker system has to stop. Then they should stop getting involved in politics. The priests are there to teach us the darma preached by lord BUDDHA. They should not bark for any political party. Even in my area every poya we have this problem of high sound. There are Buddhist temples all over Europe, and no one is allowed to make noises as they do in srilanka. THIS HAS TO STOP;BEFORE WE ALL GET FED OF BUDDHISM..

    • Amith says:

      අසරණ වේදනාවෙන් පෙලෙන ලෙඩෙකු ට තියෙන එකම සහනය තමයි නින්ද… ඒකටත් ඉඩක් දෙන්නේ නැති පව්කාර හාමුදුරුවන්ට විරුද්ධ ව බෞද්ධයන් මුලින්ම කටයුතු කරන්න ඕන. ඒ ගමන්ම මුස්ලිම් බෞද්ධ තුළු සියලු ආගමික ස්ථාන වල ශබ්ද විකාශන නීතීයෙන්ම තහනම් කරන්න ඕන.

  2. Sushan janaka says:

    අනේ මචං ඔය කොමෙන්ටුව ලංකාවේ ඔක්කොම පංසල් වලට print කරලා යවමුකො
    යවමුකො අපිත් උදවු කරන්නම්

  3. Godaya says:

    බුදුන් වහන්සේ නිශ්ශබ්දතාවය මහත් ඉහළින් අනුමත කළා. ආරණ්‍ය සේනාසන කියාගන්නා තැන්වල සිටින පැවිද්දොත් ඒ ගැන නොදන්නවානං ඒවා ආරණ්‍ය සේනාසන කියාගන්නා බිස්නස් තැන් වෙන්න ඕන. තමන්ට බණක් පිරිතක් බැරි සිවුරුකාරයො තමා පටිගත කරපුවා දෙසා වදාරන්නෙ.

  4. Silva says:

    උඹලට දවසට පස් පාරක් පල්ලිවල බෙරිහන් දෙන එක ඉවසන්න පුලුවන් නේද?

    • ජෙයරාම් - වත්තල says:

      කෝකත් එකයි මිනිහෝ.. මම දෙමළෙක් උනාට බෞද්ධ දහම්පාසලේ අවසාන විභාගෙත් උසස් විධිහට සමත්වෙලා දහම්පාසලෙත් ඉගැන්නුවා.ශ්‍රෝත විඤ්ඤාණය හටගෙන නිරුද්ධ වෙන හැටි නොදන්න ගොන් වහන්සේලා නිසා ලොවුතුරු බුදුන්ගේ මහා දර්ශනය හෑල්ලුවට ලක්වෙනවා. අනුන්ගෙ කෙන්ද හොයන්ට කලින් තියෙන පරාලය ගලවා ගන්න.

      • චරිත says:

        බොරු කියන්න එපා සෙනාල්. උබලට ශබ්ධය මතක් වෙන්නේ පන්සලේ දැම්මම විතරයි.

    • බයියා says:

      පල්ලි වල යදින නාන ලාගෙ ලෙවල් එකට බෞද්ධයොත් වැටෙන්නද ඕනෙ ?

  5. Dengu Nona says:

    Thattetama kelinnayi thibune, Nivan sapa labenna! Bola yako, Buduhaamuduruwanta asaneepa wuna welaawe Aananda Haamuduruwo ehema ekathu welaa Pirith kiwuwe nana ne. Puka uda thiyaagana pirith kiwuwath leda saneepa koranna baha. Me ganayath “Pirith Jaawaaram Kaarayek” wenna athi, Ane Saadhu!!

  6. Dengu Nona says:

    Yako, Lebbelaa udu buranne Allaa Deyyiyata tayi. Unge Allaa BEEREK hindaa ekata Janaadhipath samaawak denna wunath puluwani.

  7. සියාතු says:

    ලවුඩ්ස්පීකර් හයියෙන් දාන්නෙ කන්ට නැතිකමට මහණ කරපු එවුනුයි.

Main News