‘දිනමිණ’ ගල් බේගලය අතේ මාට්ටුයි.. මහින්ද කොලඹවත් නැති දිනයක ඝණ පිහිටුවා පුවත් පල කරලා..

December 7, 2016 at 7:04 am | lanka C news
‘දිනමිණ’ ගල් බේගලය අතේ මාට්ටුයි.. මහින්ද කොලඹවත් නැති දිනයක ඝණ පිහිටුවා පුවත් පල කරලා..

ඒකාබද්ධ විපක්ෂය දෙදරයි – බැසිල්ට මන්ත‍්‍රී විරෝධය යන සිරස්තලය යටතේ 2016.12.06 දිනමිණ පුවත්පත පළකර තිබූ වාර්ථාව මුළුමනින්ම අසත්‍යයක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

අවම වශයෙන් පසුගිය 4 වන දා නෙළුම් මාවත කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූයේවත් නැත. දිනමිණ වාර්තාවේ සදහන් වු ආකාරයේ හෝ වෙනයම් ආකාරයක හෝ කිසිදු ගැටුමක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් හෝ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට නැත. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් නිකුත්කර ඇති විශේෂ නිවේදනයෙන්ද මෙම පුවත්පත් වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීම තුලින් සැබෑ තත්වය පහසුවෙන් වටහා ගත හැක.

දැවැන්ත ජනතා බලවේගයක ඉල්ලීම පරිදි සහ ජන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බිහි වු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි විජයග‍්‍රාහී දේශපාලන ගමන ආණ්ඩුවේ බොරු ප‍්‍රවෘත්ති මගින් නතර කළ නොහැකි බවද අපි අවධාරණය කරන්නෙමු. එකී නිර්ලජ්ජිත නිශ්ඵල ප‍්‍රයත්නය පිළිබඳව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වන්නේද නැත.

දිනමිණ පුවත්පතේ පෙර සඳහන් වාර්තාව තහවුරු කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට බලවත් දේශපාලන අභියෝගයක් වී ඇති බවයි.

දේශපාලන අභියෝග සඳහා මුහුණ දිය යුත්තේ දේශපාලනිකව ප‍්‍රති අභියෝග කිරීමෙන් මිස බොරු ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් නොවන බව අපි ආණ්ඩුවට මතක් කරන්නෙමු. එම පුවත්පත් වාර්තාව ආණ්ඩුවේ යහපාලන සංකල්පයේ මූලික අන්තර්ගතයක් වන සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා වු ජනතා අයිතියට ද එල්ල වූ ප‍්‍රහාරයකි.

මෙම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කළ දිනමිණ පුවත්පත හෝ ලේක් හවුස් ආයතනය සමග අපට ගැටුමක් නැත. අපගේ මෙම නිල පණිවිඩය මගින් කරුණු අවධාරණය කරන්නේ සිය දේශපාලන ප‍්‍රතිවාදීන් මර්ධනය සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ඒවායේ මාධ්‍යවේදීන් සිය අණසකට අනුව හසුරුවන ආණ්ඩුවටයි.

අසත්‍ය පරම සත්‍ය ලෙස ප‍්‍රවර්ධනය කිරීමේ දේශපාලන පාප කර්මයෙන් අත්මිදී සත්‍යවාදී යුක්තිගරුක දේශපාලන ප‍්‍රතිපත්තියකට අවතීරණය වන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට ආරාධනා කර සිටී.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

53 views

3 Comments to “‘දිනමිණ’ ගල් බේගලය අතේ මාට්ටුයි.. මහින්ද කොලඹවත් නැති දිනයක ඝණ පිහිටුවා පුවත් පල කරලා..”

  1. Boo says:

    දිනමිණ පත්තරේ සල්ලි දීලා අරගෙන VAT අනං මනං ගෙවලා ඉවරවෙලා මහන්සියෙන් උපයාගත් තමන්ගේ මුදල් නාස්තිකරගන්න එපා. බොරු තියෙන පත්තර කියෙවුවම සල්ලි දීල රැවටෙන්නේ තමන්මයි.

  2. sayumi says:

    ඔය ජඩපාලකයින්ගේ පච පත්තරේ දාන ටොම් පච විශ්වාස කරන මෝඩයෝ තවත් ඉන්නවද ?

  3. යුක්තිය says:

    ගලන ගග ලස්සන වෙන්නෙ බාධා පහුකරන් ඉස්සරහට යන කොටයි… බාධා,බොරු කට කතන්දර වලට මේ පක්ශයේ ගමන නවත්තන්න බෑ… අපි ජනතාව වෙනුවෙන් හැදුනු පක්ශෙ මොකක් හරි අඩුපාඩුවක් තියේ නම් ඒක හදන් ඉස්සරහට යන්න අපි අතහිත දෙන්න,සහය දෙන්න තවත් උත්සුක වෙමු….

Main News