දිනේෂ් එලවා දැමීම හරි.. විමල්ගේ පක්ෂය පිලිගන්න බෑ.. කතානායක හරියටම හරි..- ජවිපෙ
March 11, 2017 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමටත්, සතියකට පාර්ලිමේන්තුව තහනම් කිරීමටත් කතානායකවරයා ගත් තීන්දුව ඉතා නිවැරදි එකක් බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා මේ අදහස් පල කලේ ජාතික රූපවාහිනියටයි.
එසේම විමල් වීරවංශ මහතාගේ පක්ෂය පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස පිලි නොගැනීමද ඉතා සාධාරණ බව ඔහු කියා සිටියේය.