දිනේෂ් ගුණවර්ධන ජාතියෙන් සමාව ගත යුතුයි..- කිරිඇල්ල

June 8, 2017 at 5:30 pm | lanka C news
දිනේෂ් ගුණවර්ධන ජාතියෙන් සමාව ගත යුතුයි..- කිරිඇල්ල

පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන ඇමතිවරයාගෙන් පිලිතුරු බලාපොරොත්තුවෙන් එ්කාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සයිටම් ආයතනය සහ විශ්ව විද්‍යාල සිසුන් පිලිබඳ ගැටළු කිහිපයක් ඉදිරිපත් කරන ලදි.

එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සයිටම් ආයතනය පිහිටුවීමේ ඉතිහාසය පිළිබඳ කරුණු සහිතව පැහැදිලි කළේය.

එ් අනුව රු.මිලියන 600ක ණයක් ලබා දෙමින්, ශිෂ්‍යත්ව ලබා දෙමින් සයිටම් පිහිටවූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ බවත්, උපාධි ප‍්‍රධානය කිරීමේ ආයතනයක් ලෙස සයිටම් ආයතනය පිලිගැනීම සඳහා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා 2013/09/26 දින අංක 1829/36 දරන අති විශේෂ ගැසට් නිවේදනය එවකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේද දිනේෂ් ගුණවර්ධන මහතා බවත් ඔහු පැවසීය.

එලෙස තමන් විසින් ඉදිරිපත් කල ගැසට් පත‍්‍රයට අදාල කරුනු වලට අද විරුද්ධ වන්නේ අවස්ථාවාදී දේශපාලනය හේතුවෙන් පමණක් බවත්, දේශපාලන හේතු වෙනුවෙන් මෙලෙස අවස්ථාවාදීව පරස්පර විරෝධී මත පල කිරීම පිලිබඳ දිනේෂ් ගුණවර්ධන මහතා ජාතියෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මාධ්‍ය ඒකකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය

26 views
Main News