දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩා සමාජ තරගවල ක්‍රීඩා කල යුතුයි.. – සනත්
February 12, 2017 at 12:00 pm | lanka C news
දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් උපනායකයා යලි ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩා කළ යුතු අතර මානසිකව ශක්තිමත් විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය කියයි.
චන්දිමාල් මුළු දකුණු අප්‍රිකානු සංචාරය පුරාස අසාර්ථ වූ අතර ඉනිම 12කදී ඔහු වාර්තා කළ ඉහළම ලකුණු ගණන 36 ක් විය.
‘චන්දිමාල්ට මේ අමාරු කාලයක්. වරදක් සිදු වූයේ කොහේදැයි ඔහු සොයා බැලියව යුතුයි. තමන්ගේ පරිගණක දත්ත විශ්ලේෂණයකට ඔහු යා යුතුයි. ඔහු මාධ්‍ය, සමාජ මාධ්‍යයන්හි විවේචනයන් නොතකා ක්‍රීඩාව ගැන අවධානය යොමු කළ යුතුයි’ යයිද ජයසුරිය පවසයි.
තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එවනු ලැබූ ජයසුරිය නැවතත් එම ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගත්තේය.