දිනේෂ් පාර්ලිමේන්තුවෙන් කුදලං යන්න අංක තහඩු, බදපටි නැතිව පොලිසිය කඩා වැදුනු හේතුව මෙන්න..
March 9, 2017 at 9:20 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස පිලි නොගැනීමට විරෝධය පෑම හේතුවෙන්පා ර්ලිමේන්තු මන්ත්රි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් එලියට ඇද දැමීමට ඉතිහාසයේ මුල් වරට ශ්රි ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගැබට කඩා වැදුනු පොලිස් නිලධාරීන් නිසි පරිදි නිල ඇදුම් ඇද නොසිටි බවට චෝදනා එල්ල වෙයි.
ඒකාබද්ද විපක්ෂය පවසන්නේ එම පොලිස් නිලධාරීන් නිල අංක තහඩු, බද පටි නොමැතිව සභා ගැබට පැමිණි බවයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සභා ගැබෙන් ඉවත් කිරීමට පොලීසිය සම්ප්රදායක් ලෙස අංක තහඩු සහ බෙල්ට් නොමැතිව පැමිණෙන්නේ යයිද වාර්තා පලවෙයි.
කෙසේ වෙතත් එය සම්ප්රදායක් ඉතිහාසයේ වන්නේ වාර ගණනාවක් පාර්ලිමේන්තුවෙන් මන්ත්රීන් එලියට ඇද දැනීමට පොලීසිය කටයුතු කර ඇත්නම් පමණි.