දිනේෂ්, වාසු, විමල්, උදය සමග 16 කණ්ඩායම සාකච්චා.. අලූත් ආණ්ඩුවකට සූදානම්..

May 20, 2018 at 10:00 am | lanka C news
දිනේෂ්, වාසු, විමල්, උදය සමග 16 කණ්ඩායම සාකච්චා.. අලූත් ආණ්ඩුවකට සූදානම්..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප 16 දෙනාගේ කණ්ඩායම එජාපය නැති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා වටයක් විපක්‍ෂයේ පක්‍ෂ සමග ආරම්භ කර තිබේ.

දැනටමත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග එම කණ්ඩායම සාකච්චා පවත්වා ඇත.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සමග ඉදිරි දින කිහිපයේදී සාකච්ච කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමගින්ද අද දිනයේ සාකච්චාවක් යොදා තිබුණද එය 23 වන දා දක්වා කල් ගොස් ඇත.

මේ අතර මෙම 16 කණ්ඩායම විසින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ශ්‍රීලනිපය එක් කිරීමේ වැඩපිලිවෙලක්ද අරඹා ඇත.

ඔවුන් බලාපොරොත්තු වන්නේ ජාතික ආණ්ඩුව අවසන් කර ශ්‍රීලනිප මූලික ආණ්ඩුවක් පිහිටුවීමයි.

18 views

4 Comments to “දිනේෂ්, වාසු, විමල්, උදය සමග 16 කණ්ඩායම සාකච්චා.. අලූත් ආණ්ඩුවකට සූදානම්..”

  1. Gayantha says:

    Maha chande wenakan iwasan inna ehema naittan anduwa peralanna. Olu gedi sellan thawakalikai. Anika sb, susil, bookipala saha dilan wage ewun satha pahakata wishwasa karanna bai

  2. pakshikaya says:

    ඕකට තම්යි මෙයාලව එව්වේ . මේක 2015 කරපු ඒක වෙනත් මුහුණුවරකින්. අනේ අහුවෙන්න නම් එපෝ .

  3. chandapala says:

    සිරිසේන ජනපති එවන පිල්ලියක් අහුවෙන්නනම් එපා. හැකිනම් ශ්‍රීලනිපයේ සභාපති ලේකම්ලා එලවා එහි බලය අතට ගෙනේ එන්න කියන්න . ඔය එන්නේ මහින්ද තනිකරල දිනේෂ් විමල් ගම්මන්පිලලා ඔක්කොම සිරිසේන ජනපති ළඟට ගෙනියන්න .

  4. 2015 නාඩගම වෙනත් මුහුණුවරකින්. අනේ අහුවෙන්න නම් එපෝ . says:

    2015 නාඩගම වෙනත් මුහුණුවරකින්. අනේ අහුවෙන්න නම් එපෝ . රාජිතයා උස්සලා දුන්න. මුන් ගහනවා නේද හුටන්. අනේ මොලේ…