දින කිහිපයක් ඇතුලත සමාජය විශාල පිපිරීමක් ඉදිරියේ..

June 18, 2022 at 6:22 am | lanka C news
දින කිහිපයක් ඇතුලත සමාජය විශාල පිපිරීමක් ඉදිරියේ..

වැඩපිළිවෙලක් නොමැතිව රට ගමන් කරන තත්ත්වය වහාම වෙනස් කළ යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා විධිමත් සැලසුමකට අනුව ජනතාවට කරුණු පැහැදිලි කර දී විකල්ප ක්‍රියාමාර්ගවලට ජනතාව සාමූහිකව මෙහෙයවීම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා  දේශපාලකයාගේ ආදර්ශය ඉතාම අවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රණවක මහතා;

“ඉන්ධන අර්බුදය ඉතාම උග්‍රයි. ඉන්ධන නැහැ. කෙටි කාලීනව, එතනින් මෙතනින් ඩොලර් මිලියන පන්සීයක, දෙසීයක තෙල් අරගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. රටේ ලියාපදිංචි වාහන පනස් හතර ලක්ෂයක් තිබෙනවා. මේවායින් අත්‍යවශ්‍ය සේවා ඉටුකරන වාහන තියෙනවා. ගොවිබිමේ ට්‍රැක්ටරයට ඉන්ධන නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් කපනවා, ඉන්ධන නැහැ.  එළවළු ටික ගෙනියන්න ලොරියට ඩීසල් නෑ. පොල් ටික ගෙනියන්න, ඩීසල් ටික නෑ. වී ටික ගෙනියන්න ක්‍රමයක් නෑ. ධීවරයාට මාළු ටික අල්ලන්න ඩීසල් නෑ. නිෂ්පාදනයට අතිශයින්ම බලපාන ආහාර නිෂ්පාදනයට අතිශයින්ම බලපාන ක්ෂේත්‍ර අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් කර්මාන්ත, රටට අත්‍යවශ්‍යම  ඩොලර් උපයන කර්මාන්ත පවා ඉන්ධන අර්බුදය නිසා ඇණ හිටලා තියෙනවා.

හැමෝම සැනසවන එක වෙනුවට අත්‍යවශ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යමින් ජනතාවට ඇත්ත කියලා ඉදිරියට යන එක තමයි ආණ්ඩුවට තියෙන හොඳම විකල්පය. නැත්නම් රට ආර්ථික අතින් මහා අසහනකාරී තත්වයකට ඇවිල්ලා සමාජමය වශයෙනුත් විශාල පිපිරීමකට ලක්වෙන්න පුළුවන් මේ ඉදිරි දින නැත්නම් සති කිහිපය ඇතුලේ.

ඒකට වැඩපිළිවෙලක්, වැඩසටහනක් හදාගෙන කරන්න ඕන. මේක සර්ව පාක්ෂිකව කරන්න ඕන. ජනාධිපතිතුමා බලයේ එල්ලී ඉඳින්න දරන උත්සාහය රාජපක්ෂවරු තිරෙන් පිටිපස්සේ ඉඳන් ආණ්ඩුව මෙහෙයවන්න දරන උත්සාහය, ඒ වගේම වැඩපිළිවෙලක්, වැඩසටහනක් නොමැතිව යන මේ තත්ත්වය වහාම වෙනස් කරගත යුතුයි. නැත්නම් මහා ඛේදවාචකයකින් මේ රටේ ඊළඟ දින, සති කිහිපයේ, තීරණය වෙන්න පුළුවන්. අදටත් රටෙන් බාගයක් වැඩ නැහැ. රටෙන් බාගයක් නතර වෙනවා. මේ රට සම්පූර්ණයෙන්ම නතර වෙන්නත් ඉඩ තියෙනවා මේ විදියට අපි මේක පාලනයකින් තොරව ගෙනියද්දි.

ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම යා යුතුයි. අගමැතිතුමාගේ වගකීම තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා විධිමත් සැලසුමකට අනුව යන එක හා මේ තත්ත්වය පිළිබඳ ජනතාවට කරුණු පැහැදිලි කරලා දීලා විකල්ප ක්‍රියාමාර්ග වලට අපේ ජනතාව සාමූහිකව මෙහෙයවන එක. ඒකට දේශපාලකයාගේ ආදර්ශය ඉතාම අවශ්‍යයි.”

– media unit

63,628 views

27 Comments to “දින කිහිපයක් ඇතුලත සමාජය විශාල පිපිරීමක් ඉදිරියේ..”

  1. Saman says:

    සෑම පිපිරවීමකම මහමොළකරුවෙක් තමයි මෙයා..හොදට කල්පනා කරල බැලුවොත් තේරෙයි..

  2. ජනජය says:

    “ජනාදිපති යායුතුයි.අගමැතිගෙ වගකීම තමයි මට ලොකුම ලොකු ඇමතිකමක් දීම..රෑට රෑට ගිහින් අහවල් එක කරල එන්න ” මීට පාට පාට ලී…!

  3. Piyadasa Yalagala says:

    Having knowledge and exprinces about overall crisis Island country .Yes new situation needed that New soultiosns by New Political classes of vision has to be address by New Democartic Programmed drated by People’s orinted assembly Not by 2015 so-called Yahpalan Membres of rotten egges . They seek and willing for power-mongering govt to overthrown 2019 November 16 People;s mandate by UNP and SJB allyes. They have wicked role of gaing power for self-interest motivations. We could not permitted for such evial forces expolited to being power and position by using Crisis that by hook or crook. Well that Crisis is politiacl economic and social issues are so vast and compl evalution since 1948. It has gone 74 years. Not that immerdite soulation by overnight.

  4. MD says:

    මේ තමයි අවස්ථාවාදීන්.චම්පික,අනුර,සජිත් ලා උත්සාහ ගන්නේ බල අරගලයක්.රටට ආදර අරගල ඔය කොහේවත් සොයා ගන්න තියා හිතා ගන්නවත් බැ.ජාතිය අමතනවා හිතේ කුහක කමින් මිරිකිලා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරිලා.රටේ මිනිස්සු දෙවරක්ම වෛර කරවනවා.පව් කාරයෝ.

  5. Appuhamy says:

    …….බිය නොවන්න …විදේශ ආයෝජන විදේශ ආක්‍රමණ ලෙස සිතන,ආයෝජකයන්ට ඉඩමක් සින්නක්කර තබා කුලියට වත් ගන්න නොදෙන ,මහා නිධානයක් උඩ සිටිනවා කියාගෙන කය්වාරු ගහන ලිදේ මැඩියන් වන පිනට කන කහකඩයින් සහ රතු මල්ලිලා විසින් සල්ලි ගස් වලින් කඩා ජනතාවට සපයනු ඇත……..(Copied)

  6. Alevelbaba says:

    සරම ඇඳන් ණයට කහින කාලකන්නි…
    මුං හැඳිගෑවිල ගියාම තමයි රටට සෙතක් වෙන්නෙ.

    මේ අපි විඳින්නේ ජාතියක් ශක්තිමත් වෙනවාට එරෙහි ප්‍රතිරෝධය.

    අපේ එවුන් මේගැන හොඳටම හිතන්න ඕනෑ.

    අපිම නැගිට්ටෙ නැත්නම් අවසානය තමයි.

  7. On the spot says:

    දින කිහිපයක් ඇතුළත සමාජයේ විශාල පිපිරීමක්?ඒ පිපිරීමට දැනටමත් වෙඩි නූල අදිමින් ඉන්නා පුද්ගලයාගේ මුවින්ම එය ප්‍රකාශ කිරීම දෛවයේ සරදමකි.ඒ වෙඩි නූලේ කෙලවරින් අල්ලාගෙන ඉන්නේ සෝභිත නම් කහ ඇඳගත් පුද්ගලයෙකු බවද අනාවරණය වේ.ගිනිකූර ඇත්තේ සුදු ලෝගු ධාරියෙකු අත බව පෙනේ.අවශ්‍ය වේලාවේ ගිනිකූර ගසා ඔහු නූල දල්වනු ඇත​.

  8. Boo says:

    ජනාධිපති ගියාම ප්රස්නෙ විසඳෙන්නෙ කියලා කියලා දීපංකෝ ඉස්සරවෙලා.

  9. Ms සිල්වා says:

    This guy is also part of the team who created this disaster in the island.

  10. Lalla says:

    ජනපති සහ විපක්ෂ නායක දෙදෙනාම බලය ගන්න හදනව විතරයි.විකල්ප ක්‍රමවේද හෝ ක්‍රියාමාර්ග නැතිබව පැහැදිලිව පේනව. ජනපතිට මොනව කරන්නද කියල දැනීමක් නෑ කියල රටම දන්නව. ඒ නිසා පක්ෂ විපක්ෂ නොබල දැනීම ඇති අය කැබිනට්ටුවට ගෙන ඒකේ ඉන්න පිස්සු මෝඩයන් ඉවතට ගන්න ඕන නේද. ජාතික සමගිය වර්ධනය කිරීම සහ සමාජ සුබසාධන කටයුතුවලට මැදිහත්වීම කල යුතුය. නැතිනම් මැර බලය හිස ඔසවනවා.