දින දෙකකදී උතුරෙන් කේරල ගංජා කිලො 402 ක් අත්අඩංගුවට..

June 19, 2017 at 2:29 am | lanka C news
දින දෙකකදී උතුරෙන් කේරල ගංජා කිලො 402 ක් අත්අඩංගුවට..

දින දෙකක් ඇතුලත කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි රුපියල් කොටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලො 402 ක් නාවික හමුදාව හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ධීවර බෝට්ටු ඔස්සේ ආධාරයෙන් කිලිනොච්චියට ගෙනවිත් මෝටර් රථවලින් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 260 ක් සමඟ පුද්ගලයකු 17 වනදා කිලිනොච්චිය සංගුපිට්ටි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පූනරීන් පොලිසිය කියා සිටියේය.

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් සංගුපිට්ටි ප්‍රදේශයේදී මෝටර් රථවල පටවා කොළඹට කේරළ ගංජා ප්‍රවාහනය කරන ජාවාරමක් පිළිබඳ ලැබුණ තොරතුරකට අනුව පූනරීන් සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඇතුඵ පොලිස් කණඩායමක් සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ කේරළ ගංජා ප්‍රවාහනය කිරීමට පැමිණි මෝටර් රථය හා එහි රියදුරු පාලාගිය අතර බෝට්ටුවෙන් පැමිණි එක් ජාවාරම්කරුවකු බෝට්ටුවද රැගෙන පලාගිය බවයි.

අත්අඩංගුවටගත් ජාවාරම්කරු දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයකු වන අතර ඉන්දියාවේ සිට කේරළ ගංජා මෙරටට රැගෙනවිත් කොළඹ හා විවිධ ප්‍රදේශවලට බෙදාහැරීම සිදුකරන බවත් යාපනය ,මාණික්පායි පිහිටි ඔහුගේ නිවසෙහි තිබි කේරළ ගංජා කිලෝ 12ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගත් බවද පැවසීය.

මේ අතර පසුගිය පසුගිය 16 වනදා මන්නාරම් මුහුදු තීරයේදී වයඹ නාවික විදාන මූලස්ථානයට අනියුක්ත නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කොටි 2 කට ආසන්න වටිනා කමකින් යුත් කේරල ගංජා කිලෝ 142 ක් අත්අඩංගුවට ගනු ලැබීය.

මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාල නිලධාරීන්ගේද සහය ඇතිව සිදු කරන ලද මෙම වැටලීමේදී අදාල කේරල ගංජා තොගය සමග සැකකරුවෙකු හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන මන්නාරම් පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views
Main News