දින දෙකක් තිස්සේ අයිතිකරුවෙකු නැති ලොරියක් STF දැඩි පරීක්‍ෂාවට..

April 24, 2019 at 4:40 pm | lanka C news
දින දෙකක් තිස්සේ අයිතිකරුවෙකු නැති ලොරියක් STF දැඩි පරීක්‍ෂාවට..

ගිනිගත්හේන අඹගමුව ප්‍රාදේශිය කාර්යයාලය අසල සහ  ගිනිගත්හේන කුඩා තේ වතු සංවර්ධන අධිකාරි කාර්යයාල ඉදිරිපිට  මාර්ගය අභියස දින දෙකක් තිස්සේ අයිතිකරුවෙකු නොමැතිව  නතර කර තිබු ඇලුමිනියම් බොඩියක් සහිත ලොරි රථයක් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් අද (24) දැඩි පරික්ෂාවට ලත් කරනු ලැබුනි.

ඉතුක් 22 රාත්‍රියේ සිට මෙම ලොරි රථය නතර කර ඇති බවට අඹගමුව ප්‍රාදේශිය  සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා විසින් ඊයේ (23) රාත්‍රි ගිනිගත්හේන පොලිසියට සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්ට කල දැනුම් දිම මත ගම්පොල සහ මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඉබි යතුරු දමා වසා දමා තිබු ලොරි රථය දැඩිපරිශ්‍රමයක් දරා ගලවා සම්පුර්ණයෙන්ම පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

මෙම පරික්ෂාව සදහා හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ සහයෝගයද  පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් ලබාගත් අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වසා දමා තිබු ලොරි රථය විවෘත කර බැලිමේදි එම ලොරි රථය තුල සංගිත ප්‍රසංගයකට වේදිකාවන් , ශබ්ද විකාශන යන්ත්‍ර සහ සංගිත භාණ්ඩ තිබෙන බවට තහවුරු විය.

එහිදි සැකකටයුතු යමක් ලොරි රථය තුල නොතිබුණු අතර , මෙම ලොරි රථය දින දෙකක් තිස්සේ නතර කර තිබිම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය අවට පදිංචිකරුවන්ගෙන්ද තොරතුරු විමසා එම ලොරි රථයට අයිතිකරුවෙක් ඉදිරිපත් නොවු නිසා ලොරි රථය පරික්ෂා කිරිමට පොලිස් විශේෂ කාර්යය බලකායේ සහයෝගය ලබා ගැනිමට තිරණය කර ඇත.

ලොරි රථයේ අයිතිකරුවෙක් මෙතෙක් ඉදිරිපත් නොවු බව ලොරි රථය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

77 views
Main News