දින දෙකකින් මෙරට කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නෑ.. ලෝකයේ මිලියන 09 පනී.. ඉන්දියාවෙන් ඊයේ 15,000ක්..

June 22, 2020 at 8:02 am | lanka C news
දින දෙකකින් මෙරට කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නෑ.. ලෝකයේ මිලියන 09 පනී.. ඉන්දියාවෙන් ඊයේ 15,000ක්..

ශ‍්‍රී ලංකාව තුල පිට පිට දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සම්පූර්න කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 1950කි. ඉන් පූර්ණ ලෙස සුව වූ ප‍්‍රමාණය 1498කි.

දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 441ක් පමණි.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 90 ඉක්මවා වාර්තා කර ඇත.

ගත වූ පැය 24 තුල ඇමරිකාවෙන් 26,000ක්, බ‍්‍රසීලයෙන් 16,000ක්, ඉන්දියාවෙන් 15,000ක් නව රෝගීන් වාර්තා කර තිබේ.

262 views
Main News